Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

Personal Pillar (ප්‍රායෝගික පුහුණුව හා සංවර්ධනය )

Personal Pillar නැතහොත් ප්‍රායෝගික පුහුණුව, 2015 වර්ෂයේ සිට බලපැවැත්වෙන විෂයමාලාවේද ප්‍රධානතම අංගයක් වන අතර, knowledge සහ skills pillars තුලින් ලබාගන්නා සුවිශේෂි නිපුණතා (Unique competencies) පුහුණුව මගින්, ලබාගන්නා ප්‍රායෝගික අත්දැකීම් හරහා ඔපමට්ටම් කරගැනීමට හැකිවන අයුරින් වරලත් ගණකාධිකාරී ප්‍රායෝගික පුහුණුව/පාඨමාලාව ගොඩනගා ඇත.
ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව විෂයමාලාව අනුව යමින් ප්‍රායෝගික පුහුණු අවශ්‍යතාවයද වැඩිදියුණු කර ඇති අතර එහිදි අන්තර්ජාතික ගණකාධිකරණ අධ්‍යාපන ප්‍රමිතින්හි (International Accounting Education Standards) දක්වා ඇති අනාගත වෘත්තිය ගණකාධිකාරීන් සඳහා අවශ්‍යවන වෘත්තීය නිපුනතා (Professional Competencies) සහ ව්‍යාපාරික ආයතනයන්හි වරලත් ගණකාධිකාරිවරයෙකුගෙන් බලාපොරොත්තුවන වෘත්තීයමය හැකියාවන් සහ අවශ්‍යතාවයන් ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත.
ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ප්‍රායෝගික පුහුණුව අධ්‍යන කටයුතු සමඟ සමගාමීව ලබාගැනීමට සිසුන් දිරිමත් කරනු ලබන්නේ වරලත් ගණකාධිකාරීවරයෙකු හට වෘත්තීය කුසලතා (Professional skills) දැනුම (Knowledge) ආකල්ප (Attitude) සහ චරියාවන් (Behaviour) වලින් සමන්විත වීම අත්‍යාවශ‍ය බැවිනි.

නිර්දේශිත පුහුණු කාලය සහ අදාල පුහුණු අදියර

අවම වශයෙන් වසරකට වැඩකරන දින 220ක් තිබිය යුතුය යන පදනමට යටත්ව, වසර තුනක පුහුණුවක් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතුය.

සම්පූර්ණ ප්‍රායෝගික පුහුණු කාලය අදියර තුනක් යටතේ සම්පූර්ණ කළ යුතුය.

  1. Executive Level (PE1)
  2. Business Level  (PB1)
  3. Corporate Level (PC1)

වරලත් ගණකාධිකාරි පුහුණු පාඨමාලාව පූර්ණකාලීන (Full time) පුහුණුවක් ලෙස සම්පූර්ණ කළ යුතු අතර වෙනත් රැකියාවක් කරන අතර හෝ පූර්ණකාලීන අධ්‍යන පාඨමාලාවක් හදාරන අතරතුර අර්ධකාලීනව (Part time) පුහුණුව සම්පූර්ණ කිරීමට ඉඩදෙනු නොලැබේ. එමෙන්ම එම පුහුණුව ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අනුමත පුහුණු ආයතනයක, වරලත් ගණකාධිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පුහුණු ගිවිසුමක් සහිතව සම්පූර්ණ කල යුතුය. එසේ නොවන කිසිඳු පුහුණුවක් හෝ රැකියා අත්දැකීම් වරලත් ගණකාධිකාරී ආයතනයේ පුහුණු අවශ්‍යතාව සඳහා වලංගු නොවනු ඇත.
පහත දැක්වෙන ඕනෑම විකල්ප ආකාරයකට තනි ගිවිසුමක් යටතේ හෝ උපරිම ගිවිසුම් දෙකක් යටතේ සම්පූර්ණ පුහුණු කාලයවන අවුරුදු 3 සම්පූර්ණ කිරීමට සිසුන්ට ඉඩදෙනු ලැබේ.


පළමු ගිවිසුම දෙවන ගිවිසුම
පළමු විකල්ප PE1
වසර 1 PBI+PCI
වසර 2
දෙවන විකල්ප PEH PB
වසර 2 BCI
වසර 1
තෙවන විකල්ප PEI+PBI+PCI
වසර 3

ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අනුමත පුහුණු ආයතන

අනුමත පුහුණු ආයතන වර්ග දෙකකට බෙදනු ලැබේ.

විගණන ආයතන - වෘත්තියෙහි නිරත වන වරලත් ගණකාධිකාරීන්ගේ ව්‍යාපාරික ආයතන සහ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව
විගණන නොවන - විගණන ආයතන ලෙස වර්ග කර නැති අනෙකුත් සියළු පුහුණු ආයතන

දැනට ආයතනය හා සම්බන්ධවූ අනුමත පුහුණු ආයතන 600 පමණ ඇත.

Executive Level සහ Business & Corporate Levels සඳහා අනූමත පුහුණු ආයතන සඳහන් ලැයිස්තු වෙබ් අධවියෙහි සහ පුස්තකාලයෙහි පරිශීලනය සඳහා තබා ඇත.

අනුමත පුහුණු ආයතන සහ පුහුණු අවස්තා

අනුමත පුහුණු ආයතනයක සේවය කිරීමෙන් නියමිත ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කළ යුතුය. අනුමත කළ සියළු පුහුණු ආයතන වෙබ් අඩවියෙහි දක්වා ඇත.

පුහුණු අවස්ථා ලබාගැනීම සඳහා එම ආයතනවලට සෘජුවම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවනට හැකිය. වරලත් ගණකාධිකාරී ආයතනයේ වෙබ් අඩවිය හරහා ද පුහුණුව සඳහා අයදුම් කළ හැකිය.

පුහුණු වැඩසටහන (Rotation form) බාගත කරන්න

නිතර අසන ප්‍රශ්න

ප්‍රායෝගික පුහුණුව හා සංවර්ධනය - Personal Pillar

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරීවරයෙක් වීම සඳහා ප්‍රායෝගික පුහුණුව සහ සංවර්ධනය වැදගත් අංගයක් ලෙස 2015 විෂය මාලාවට ඇතුලත් කර ඇත.

එම නිසා, ශිෂ්‍යයින් වරලත් ගණකාධිකාරි ආයතනයෙන් පිරිනමන සහතික පත්‍ර සඳහා සුදුසුකම් ලැබීමට නියමිත පුහුණු අවශ්‍යතා හා අදාල විභාගයන් සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.

ආයතනය පිරිනමන සහතික මෙසේය. සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරි (CBA), සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරි (CSBA), ආශ්‍රිත සාමාජිකත්වය (ACA), වෘත්තියේ නියලීමේ සහතිකය (Certificate to Practice)

අධ්‍යයන කටයුතු සමග ප්‍රායෝගික පුහුණුව එකවර ලබමින්, ප්‍රා‍යෝගික පුහුණුවෙන් ලබන වෘත්තීය කුසලතා අධ්‍යයන කටයුතු සඳහා උපයෝගී කර ගැනීමටද, අධ්‍යයන කටයුතුවලින් ලබන දැනුම ප්‍රායෝගික පුහුණුවට උපයෝගී කර ගැනීමටද, අවස්ථාව ලබා ගන්නා ලෙස ශිෂ්‍යයින්හට අනුබල දෙනු ලැබේ.

ශිෂ්‍යයින් තම ශිෂ්‍ය ලියාපදිංචිය සම්පූර්ණ කල විගස ප්‍රායෝගික පුහුණුව ආරම්භ කල හැකිය. විභාග වල මූලික අවධියේම ප්‍රායෝගික පුහුණුව ආරම්භ කිරීමට ශිෂ්‍යයින් දිරිමත් කරනු ලැබේ.

මුළු ප්‍රායෝගික පුහුණු කාලසීමාව අදියර තුනකට බෙදා වෙන්කර ඇත:

  • Executive Level (PE1)
    මෙම අදියර සම්පූර්ණ කරන අභ්‍යාස ලාභීන් වටිනාකම් හඳුනාගැනීම හා ඒ හා සම්බන්ධව කටයුතු කිරීම හරහා අගය පාදක හැසිරීමක් (Value based behavior) සඳහා කැපවිය යුතුවේ.

  • Business Level (PB1)
    මෙම අදියර සපුරාලන අභ්‍යාස ලාභීන් තමන්ට මුහුණ දීමට සිදුවිය හැකි ගැටළු හා ආචාරධර්ම වලට අනුකූල ලෙස විසඳීමට සමත් වටිනාකම් අගයන වෘත්තිකයකු වීම සඳහා පුහුණු කරනු ඇත.

  • Corporate level (PC1)
    මෙම අදියර සපුරාලන අභ්‍යාස ලාභීන් සමාජ වගකීමෙන් යුත් කාර්ය සාධනයේදී උපරීම මට්ටමින් අගයන් ප්‍රදර්ශනය කරන්නන් බවට පත්කිරීමට පුහුණු කරනු ඇත.

    අභ්‍යාස ලාභීන් අවුරුදු තුනක ප්‍රායෝගික පුහුණු කාලසීමාව වැඩකරන දවස් 220 ක (වසරකට) අවම ප්‍රායෝගික පුහුණු කාලසීමාවකට යටත්ව සම්පූර්ණ කල යුතුය.

අවම පුහුණු අවශ්‍යතාව අවුරුදු සහ වැඩකරන දින වලින්:

පුහුණු අදියර
අවම පුහුණු අවශ්‍යතාව
Business & Corporate Level
Business Level Corporate Level
අවුරුදු වලින්
අවුරුදු 1
අවුරුදු 1
අවුරුදු 1
වැඩකරන දින වලින් දින 220
දින 220
දින 220

වැඩකරන දිනයක් යනු අවම වශයෙන් වැඩ කරන පැය 7ක් හෝ උපරිම වශයෙන් වැඩ කරන පැය 8ක් විය යුතුවේ. දින භාගයක් ගනන් ගනු ලබන්නේ අනුපාතික පදනම මතය. අර්ධකාලීන පදනම (Part time) මත වූ පැවරුම් වලට අදාලව වැඩකරන පැය ගනන් වැඩ කරන දින ලෙස ගනන් ගනු නොලැබේ.

සති අන්තවලදී වැඩ කිරීම

සති අන්තවලදී කරනු ලබන වැඩ වර්ෂයකට උපරිම වශයෙන් දින 10 ක් දක්වා පුහුණු දින ලෙස සලකනු ලැබේ.

විභාගය
සම්පූර්ණ කලයුතු පුහුණු අදියර සහ කාලසීමාව
Executive පුහුණු අවශ්‍යතාවයක් නොමැත.
Business
පුහුණු අවශ්‍යතාවයක් නොමැත.
Corporate සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරී (CBA) සහතික පත්‍රයට සුදුසුකම් ලැබීමෙන් පසු Business Level ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කල යුතුය. (වැඩ කරන දින 220)

* වැදගත්: CIMA / ACCA සාමාජිකයන් සහ අනුමත විශ්වවිද්‍යාලවල ගණකාධිකරණය හෝ මූල්‍ය විෂය බද්ධ පූර්ණ කාලීන ආචාර්යවරුන්ට පුහුණු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමෙන් තොරව විභාගය සඳහා පෙනීසිටීමට අවසර ලැබේ.

අදාල විභාග සහ ප්‍රායෝගික පුහුණුව සමත් කරන සියළුම ශිෂ්‍යයින්හට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් නිකුත් කරන පහත සඳහන් සහතික පත්‍ර වලට අයදුම් කළ හැකිය.

  • සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරිවරයෙකු සඳහා (CBA)
    Executive Level පුහුණු අදියර, විභාග සහ අනෙකුත් කුසලතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරි සුදුසුකම සඳහා ඉල්ලුම් කිරීමට ශිෂ්‍යයින්හට හැකියාව ලැබේ.

  • සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරීවරයෙකු සදහා (CSBA)
    Business Level පුහුණු අදියර, විභාග සහ අනෙකුත් කුසලතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරී සුදුසුකම සඳහා ඉල්ලුම් කිරීමට ශිෂ්‍යයින්හට හැකියාව ලැබේ.

  • ආශ්‍රිත සමාජිකත්වය (Associate Accountant) සඳහා,
    පහත දැක්වෙන විෂය නිර්ණායකයන් සාර්ථකව නිම කරන ශිෂ්‍යයින්හට ආශ්‍රිත සාමාජිකත්වය අනුයුක්ත කිරිම සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබෙනු ඇත.
    • ආයතනයේ සියළුම විභාග
    • පුහුණු ආයතනයේ අධික්ෂණ සමාජිකයගේ සහතික කළ Executive සහ Business & Corporate අදියර වල පුහුණුව.
    • කුසලතා මොඩියුලයන්
    • වෘත්තීමය අචාරධර්ම සහ ආකල්ප මොඩියුලය
    • ප්‍රායෝගික පුහුණුව සම්බන්ධ සම්මුඛ පරික්ෂනය (Viva voice Interview)

* ඉහත සහතික පත්‍ර නිකුත් කරනු ආයතනයේ ලබන්නේ ආයතනයේ ලබන්නේ පාලක මන්ඩලයේ අනුමැතිය මතය.

Intermediate/CAB/CBA සහතික පත්‍රය අයදුම් පත බාගත කරන්න

DAB/CSBA අයදුම් පත බාගත කරන්න. (ව්‍යාපාර සහ ගණකාධිකරණ ඩිප්ලෝමාව)

ආශ්‍රිත සාමාජිකත්වයට පෙර පවත්වන සම්මුඛ පරීක්ෂණය Viva voice සඳහා අයදුම්පත බාගත කරන්න

ආයතනයේ වෙබ් අඩවිය www.casrilanka.com (ප්‍රායෝගික පුහුණුව සඳහා වෙන්වුනු ශිෂ්‍ය පිටුව) හරහා අනුමත විගණන අංශයේ සහ විගණන නොවන අංශයේ පුහුණු විමේ ආයතන ලබාගත හැක.

වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍යයන් තමන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා, වරලත් ගණකාධිකරණ ආයතනයෙන් අනුමත කරන ලද, විගණන අංශයේ හෝ විගණන නොවන අංශයේ ආයතනයක් සඳහා ආයතන පහත පරිදි වරලත් ගණකාධිකරණ ආයතනයේ වෙබ් අඩවියෙන් අයදුම් කළ හැකිය.;

CA web > Student login > Training Placement System > Register your profile

මෙලෙස අයදුම් කරන ශිෂ්‍යයන්ගේ අදාල තොරතුරු, සාමාජිකයන්ගේ පරිශීලනය සඳහා ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ වෙබ් අඩවියේ තැන්පත් වේ. පුරප්පාඩු ඇති වු විට එම ශිෂ්‍යයන් සම්මුඛ පරික්ෂණයන් සඳහා කැඳවනු ලැබේ.

තවද ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වෙබ් අඩවියේ පළකරන ලද දැන්වීම් මගින් හෝ ඝෘජුවම අදාල ආයතනයට අයදුම් කිරීමටත් පහසුකම් සලසා ඇත.

පවතින පුරප්පාඩු සඳහා ශ්‍රි ලංකා ව.ග. ආයතනයේ වෙබ් අඩවිය හරහා පහත පරිදි ශිෂ්‍ය පිටුවේ “Apply jobs” හරහා ඝෘජුවම අයදුම් කළ හැකිය.

CA web > Student login > Student > Training > Job opportunities.

ඔබ විසින් පුහුණුව ආරම්භ කිරීමෙන් පසු ඔබ, අධීක්ෂණ සාමාජික (Supervising Member) සහ පුහුණු ආයතනය සමග පුහුණු ගිවිසුමකට (Training Agreement) එළඹිය යුතු අතර එම ගිවිසුම වරලත් ගණකාධිකාරී ආයතන‍යේ ලියාපදිංචි කළ යුතුය. වලංගු ගිවිසුමකින් තොරව ලබන පුහුණුව වරලත් ගණකාධිකාරී ආයතනය නියම කරන ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා යටතේ පිළිගැනීමට පාත්‍ර නොවනු ඇත.

ශිෂ්‍යයෙක් අනුමත පුහුණු ආයතනයක් හා සම්බන්ධ වු විගස එම ආයතනයේ අධීක්ෂණ සාමාජිකයා විසින් ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රායෝගික පුහුණු ගිවිසුමක් ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.

විගණන අංශයේ ආයතනයක් නම්, (Audit Firm): ආයතනයේ ලිපි ශිර්ෂයක ලියු ලිපියක් මගින් ප්‍රායෝගික පුහුණු ගිවිසුම් පත් ලිඛිතව ඉල්ලුම් කල යුතුය.

විගණන නොවන අංශයේ ආයතනයක් නම් (Non - Audit Sector): විගණන නොවන (Non Public Practice) ආයතන විසින් සමාගමේ ලිපි ශීර්ෂය සහිත ලිපියක් මගින් ගිවිසුම් පිටපත් ඉල්ලා සිටිය යුතු අතර ඒ සමගම පුහුණු සැලැස්මද, පුහුණුව ලබාදෙන අංශ ඇතුලත් ආකෘතියද (rotation) එවිය යුතුය.

පුහුණු වැඩසටහන (Rotation form) බාගත කරන්න

සියළුම මූලික අවශ්‍යතා සම්පුර්ණ වී ඇති විට ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රායෝගික පුහුණු අංශය මගින්, ගිවිසුම්පත් පිටපත් 3 ක් අදාල පුහුණු ආයතන වෙත යවනු ලැබේ. ඉන් පසු නියමිත ආකාරයට සම්පුර්ණ කළ එම පුහුණු ගිවිසුම් පිටපත් 3ක් සහ ගිවිසුම් ගාස්තු වෙනුවෙන් මුදල් ගෙවු ලදු පත් ද සමග ආයතනයේ පුහුණු අංශය වෙත වලංගු පුහුණු ගිවිසුමක් ලෙස ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතුය.

  • ශිෂ්‍යයාගේ සම්පුර්ණ නම සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි අංකය
  • යෝජිත අධීක්ෂණ සාමාජිකයාගේ නම, අදාල ආයතනයේ දරණ තනතුර සහ සාමාජික අංකය
  • පුහුණුව අවශ්‍ය මට්ටම සහ ආරම්භ කරන දිනය
  • පුහුණු ආයතනයේ නම සහ පුහුණුව ලබන ආයතනය කුමන අංශයක්ද යන වග
  • අධීක්ෂණ සාමාජිකයාගේ සහ පුහුණුවන්නාගේ සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවශ්‍ය විස්තර (contact details)
  • පුහුණුවෙන් නිදහස් කිරීමට සනාථ කරන සාක්ෂි (අදාල නම් පමණක්) - ඉහත විස්තර වලට අමතරව විගණන අංශයේ නොවෙන ආයතනයක් නම්, අධීක්ෂණ සාමාජිකයාගේ අත්සන සහිතව පහත ලියකියවිලි සැපයිය යුතුය.
  • යෝජිත පුහුණුවීමේ වැඩසටහන
  • සේවය මාරුවන සටහන (Rotation Form)
  • විගණන සහ විගණන නොවන සමාගමේ ලිපි ශීර්ෂයක ලියු ලිපියක් සමග යෝජිත පුහුණු වැඩසටහන, පුහුණු ආයතනයේ ලිපිනය, අධීක්ෂණ සාමාජිකයාගේ සේවා ස්ථානය, පුහුණු වන්නා සහ අධීක්ෂණ සාමාජිකයා අතර ඇති ආයතනික සම්බන්ධතාවය සහ පුහුණු ගිවිසුමට අදාල වෙනත් විස්තර.

ප්‍රායෝගික පුහුණුව සඳහා පුහුණු ආයතනය සහ සම්බන්ධ වූ මුල් දින සිට මාස 4 කට නොවැඩි ආධුනික පුහුණු කාලයක් තිබිය හැකිය.

ශිෂ්‍යයන් දැනටමත් පුහුණුව ආරම්භ කර ඇතිවිට අධීක්ෂණ සාමාජිකයා හරහා පුහුණු ගිවිසුම පසුදාතම් (Backdate) කිරීමේ විමසීමක් කළ හැකිය. පසුදාතම් කිරීමේ විමසීම පහත දිනයේ සිට මාස 4 කට නොවැඩි විය යුතුයි.

  • විගණන අංශය පුහුණු ආයතන :- ලියාපදිංචි සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වෙත ගිවිසුම ලැබුනු දිනය.
  • විගණන අංශය නොවන පුහුණු ආයතන :- පුහුණු වැඩසටහන සහ පසුදාතම් ඉල්ලීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වෙත ලැබුනු දිනය.

කෙසේ වෙතත්, පසුදාතම් දිනය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍ය ලියාපදිංචි දිනය හෝ පුහුණු වීම ආරම්භ කළ දිනයට පෙර දිනයක් දක්වා දීර්ඝ කරනු නොලැබේ.

වලංගු ප්‍රායෝගික පුහුණු අවශ්‍යතාවයන් සඳහා ප්‍රායෝගික පුහුණු කාලසීමාව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ පුහුණු ගිවිසුමක් මඟින් ලියාපදිංචි විය යුතුයි.  පුහුණුවන්නන් හට පහත පරිදි ගිවිසුම් වලට එළඹීම මඟින් පුහුණු කාලසීමාව සම්පූර්ණ කිරීමට අවසර දී ඇත.


1 වැනි ගිවිසුම
2 වැනි ගිවිසුම
පළමු විකල්පය 1 PE1 (අවු: 1) PB1+ PC1 (අවු: 2)
දෙවන විකල්පය 2 PE1 + PB1 (අවු: 2) PC1 (අවු: 1)
තෙවන විකල්පය 3 PE1 + PB1 + PC1 (අවු: 3)

පසුදාතම් දිනය තීරණය කිරීම පිණිස විගණන නොවන අයතනයකින් අහඹු ලෙස තෝරා ගත් පුහුණුවන්නන් සමග ශ්‍රි.ව.ග. ආයතනයේ පුහුණු කළමනාකාරු විසින් පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂනයකි.

මෙය අහඹු පදනම මත සිදුකරන අතර පුහුණුවන්නන්, පුහුණු කාලසීමාව සඳහා අදාල වන පුහුණු වාර්තා ඉදිරිපත්කළ යුතුය.

Corporate Level විභාගයට පෙනී සිටීම සඳහා ද, පූර්ණකාලීනව වෘත්තියේ නියැලීමේ සහතිකය (Practicing Certificate) ලබා ගැනීම සඳහා ද, ප්‍රායෝගික පුහුණු මාර්ගෝපදේශ වල සඳහන් අවම පුහුණු අවශ්‍යතා සම්පූර්ණ කළ යුතුය.

එබැවින්, විභාගවලට පෙනී සිටීමට අවශ්‍ය දැනට පවත්නා අවම සුදුසුකම් වෙනස් කිරීමට හෝ අවශ්‍ය අවම අවශ්‍යතාවලට ගැලපෙන පරිදි ගිවිසුම පසුදාතම් කිරීමට ආයතනය එකඟ නොවන බැවින්, ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන විභාග පිළිබඳ තම සැලැස්ම ද, අවම පුහුණු අවශ්‍යතා ද, ප්‍රායෝගික පුහුණුව ආරම්භ කරන අවස්ථාවේ දී ශිෂ්‍යයින් විසින් සැලසුම් කළ යුතුය.

දැනට පහත දැක්වෙන පාර්ශව සඳහා පමණක් පුහුණු කාල සීමාවේ අඩුකිරිම් ලබාගත හැකිය.

1. CIMA සහ ACCA සාමාජිකයන් (Associate members) සඳහා පුහුණු කාල සීමාව අඩු කිරීම

පශ්චාත් සාමාජිකත්ව (CIMA/ACCA) පළපුරුද්ද සම්පූර්ණ කළ යුතු පුහුණුව
අවුරුදු 03කට අඩු අවුරුදු 02ක අධීක්ෂණ පුහුණුව
අවුරුදු 03 හෝ අවුරුදු 03ට වැඩි අවුරුදු 01ක අධීක්ෂණ පුහුණුව

2. AAT සාමාජිකයන් / AAT Passed Finalists (මීලඟ ප්‍රශ්නය බලන්න 18)

AAT ආයතනයේ සාමාජිකත්වය ලැබු හෝ එම සාමාජිකත්වය සඳහා සුදුසුකම් ලත් (Passed Finalists) ශිෂ්‍ය ශිෂ්‍යාවන් පහත අවශ්‍යතා සපුරන්නේ නම් ශ්‍රී.ලං.ව.ග.ආ. Executive Level පුහුණුවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනු ලැබේ.

  • ශ්‍රී.ව.ග.ආ. අනුමත පුහුණු ආයතනයක වරලත් ගණකාධිකාරීවරයෙකු යටතේ වසර දෙකක පුහුණු කාලයක් සම්පුර්ණ කර තිබීම.
  • එකී පුහුණුව ශ්‍රී.ල.ව.ග. ආයතනයේ පුහුණු ගිවිසුම හා සමාන ගිවිසුමකට යටත්ව නිම කර තිබීම.
  • එකී පුහුණු කාලය තුල ශ්‍රී.ල.ව.ග. ආයතනයේ පුහුණු වාර්තා (Training record) හා සමාන අයුරින් AAT පුහුණු වාර්තා පවත්වාගෙන ගොස් තිබිම.

  • පුර්ණ කාලීන: අධ්‍යයන කාර්ය මණ්ඩලීය සාමාජිකයන් යනු පිළිගත් විශ්වවිද්‍යාලයක ප්‍රථම හෝ දෙවන පෙල ඉහළ සාමාර්ථයක් ලැබුවා වුවද, පිළිගත් විශ්වවිද්‍යාලයක ගණකාධිකරණ (Accountancy) හෝ / සහ මුල්‍ය (Finance) විෂයයන් සඳහා දේශන පැවැත්වීමෙහි පුර්ණ කාලීනව යෙදි සිටින්නා වුද පිරිසය.
  • පුර්ණ කාලීන අධ්‍යයන කාර්යයන්හි නිරත වන ශ්‍රී.ව.ග. ආයතනයේ ශිෂ්‍යයින් සඳහා තම ප්‍රායෝගික පුහුණුව නිම කරනු පිණිස, අනුමැතිය ලත් පුහුණු ආයතන සමඟ කෙටි කාලීන පුහුණු ගිවිසුම් වලට එළඹීමට ඉඩ ලබා දී ඇත. කෙටි කාලීන පුහුණු ගිවිසුමක් දින 55කට නොඅඩු වියයුතුය. මෙම වැඩසටහන යටතේ පුහුණු කාලසීමාව සම්පුර්ණ කිරීම සඳහා වසර 05ක උපරිම කාල සීමාවක් ලබා දෙන අතර උපරිම වශයෙන් අනුමැතිය ලත් පුහුණු ආයතන තුනක් සමඟ පුහුණුව සම්පූර්ණ කළ හැක. සති අන්ත වලදී පුහුණුවෙහි නිතර වීමද වැඩ කරන දිනයක් ලෙස සලකනු ඇත. එමෙන්ම ඔවුන් ප්‍රායෝගික පුුහුණුව සම්පුර්ණ කිරීමෙන් තොරව Corporate Level විභාගයට අයදුම් කළ හැකිය.
  • They are also allowed to sit the Strategic level examination without being completed the training requirement.

පුහුණු වන්නන් විසින් තම පුුහුණුවෙන් ලබාගත් පළපුරුද්දට අදාල වාර්තා Online training records ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ වෙබ් අඩවිය හරහා කළ ඉදිරිපත් කළ යුතු අතර පුහුණු වන්නන් විසින් ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ පුහුණු කිරිමේ අංශය සමඟ ලියාපදිංචි විය යුතුය.

පුහුණු සාරාංශ ආයතනික වෙබ් අඩවිය හරහා ඉදිරිපත් කිරීම (Online training records) සඳහා උපදෙස් හා විස්තර ශ්‍රී.ලං.ව.ග. ආයතනයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

Online Training Record – Students' User Guide

Online Training Record – Members' User Guide

Online Training Record – Delegated Users' Guide

පුහුණු ගිවිසුමේ සෑම කාර්තුවකම අවසාන දින සිට දින 30ක් ඇතුලත එම කාර්තුවට අදාල වාර්තා අධීක්ෂණ සමාජිකයාගේ අනුමැතිය සමඟ පුහුණු සාරාංශ ආයතනික වෙබ් අඩවිය හරහා ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනය වෙත ඉදිරිපත් කල යුතුය.

පුහුණු වාර්තා ඉදිරිපත් කිරීම ප්‍රමාද වුවහොත් පුහුණු කාලය දීර්ඝ කිරීමට සිදුවනු ඇත. අවම දිර්ඝ කිරීමේ කාලය සති දෙකකි.

නැත. ශිෂ්‍යයන් විසින් පුර්ණ කාලීන පුහුණුවක් ලබා ගත යුතු අතර එය අවම වශයෙන් දිනකට පැය 7ක් සහ උපරිම වශයෙන් පැය 8ක් විය යුතුය. අර්ධ කාලීනව ලබා ගන්නා පුහුණුව අනුමත පුහුණුවක් ලෙස පිළිගනු නොලැබේ. ගමනාගමනය සඳහා ගතවන කාලය සහ අනෙකුත් පුහුණුවෙන් පරිභාහිර කටයුතු සඳහා ගත කරන කාලය පුහුණු කාල සීමාව ලෙස සලකනු නොලැබේ.

නියමිත කාල සීමාවෙන් පසුව වැඩ කිරීම් හෝ අර්ධ කාලීන පැවරුම් වලට අදාලව වැඩ කරන පැය ගනන් වැඩ කරන දින ලෙස සලකනු නොලැබේ. අනුමත වු පුහුණු කාලච්ජේදයේ ඛණ්ඩනයන (Interruption) ප්‍රශ්න අංක 22 හා 23 පරිදි අධීක්ෂණ සාමාජිකයාගේ සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අනුමැතිය සහිතව ලබාගත හැකිය.

පුහුණු වන්නන් හට ප්‍රායෝගික පුහුණුවේදී අනවසර ඛණ්ඩනයක් සිදු කිරීමට අවසර දෙනු නොලැබේ. එවැනි ඛණ්ඩනයක් සිදුකල විට සාමාන්‍ය පුහුණු කාලයට අතිරේක පුහුණු කාලයක් එක් කරනු ලබන අතර එය උපරිම වශයෙන් මාස 06කට පහත දැක්වෙන පරිදි සිදුවනු ඇත;

පුහුණුව ඛණ්ඩනය කල කාල සීමාව
සම්පුර්ණ කල යුතු අතිරේක පුහුණු කාලය
එක මසකට අඩු
දීර්ඝ කිරීමක් නැත
මාස 1 < මාස 6
මාස 1
මාස 6 < අවු: 1
මාස 2
වර්ෂයකට වැඩි
මාස 6

ශිෂ්‍ය පුහුණු හා සංවර්ධන කමිටුව (Student Training and development committee) හෝ පාලක මණ්ඩලය මගින් අනුමැතිය නොමැතිව පුහුණු කාලයට සිදු කරනු ලබන ඛණ්ඩනයන් සඳහා අවසර දෙනු නොලැබේ.

  • පුර්ණ කාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය
  • දීර්ඝ කාලීන රෝගී තත්වයන්
  • ප්‍රසුත නිවාඩු

ඉහත අවස්ථා වලදී පුහුණු කාල සීමාව ඛණ්ඩනය කිරීමට අවසර ලබා ගත හැකිය.

අනුමත විශ්වවිද්‍යාලයක පුර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හදාරන අභ්‍යන්තර ශිෂ්‍යයන් හට අධීක්ෂණ සාමාජිකයාගේ අනුමැතිය මත ප්‍රායෝගික පුහුණුව අත්හිටුවිය හැකිය. මේ සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් මාස 06ක පුහුණු කාලයක් සම්පුර්ණ කර තිබිය යුතු අතර අධීක්ෂකගේ ලිඛිත අනුමැතිය සහ අදාල ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයෙකු බවට සහතික කරන ලිපිලේඛන ඉදිරිපත් කල යුතුය.

  • අවම වශයෙන් දින 110ක පුහුණු කාලයක් සම්පුර්ණ කර තිබීම.
  • පුහුණු ආයතනයේ, අධීක්ෂකගේ සහ ශ්‍රී ලංකා වරලත් ගණාකාධිකාරී ආයතනයේ ලිඛිත අවසරය ලබා තිබීම.
  • අනුමත විශ්වවිද්‍යාලයක පුර්ණ කාලීන උපාධි පාඨමාලාවක් හෝ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම.

ඔබ විසින් වෛද්‍ය වාර්තාවක් සමඟ අධීක්ෂකගේ ලිඛිත, අනුමැතිය සමඟ ඉදිරිපත් කල යුතුය.

අත්හිටුවීමට අනුමත කල කාලසීමාව සම්පුර්ණ කල ශිෂ්‍යයන්, නැවතත් ආරම්භ කිරීමේදී ඒ බව අධීක්ෂක හරහා දැනුම් දිය යුතුය. අත්හිටුවීමට හේතුව දැක්වෙන ලියකියවිලි ඉදිරිපත් කල යුතු අතර, එහිදි ඉතිරි පුහුණු කාලය සඳහා පුහුණු ගිවිසුම සංශෝධනය කරනු ඇත.

ශිෂ්‍ය ලියාපදිංචිය අවලංගු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ ප්‍රායෝගික පුහුණු ගිවිසුමද ඒ සමඟ අවලංගු වේ. යම් පුහුණුවන්නෙකුට පුහුණුව අවලංගු කිරිමට අවශ්‍ය නම් අධීක්ෂකගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගෙන තිබිය යුතු අතර එය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වෙත ඉදිරිපත් කල යුතුය.

පුහුණු අධීක්ෂක පුහුණු ආයතනයේ සේවයෙන් ඉවත් වී යන්නේ නම්, පුහුණු වන්නා හා අධීක්ෂක විසින් ඒ බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය වෙත දැනුම් දියයුතුය. එවැනි අවස්ථාවකදි පුහුණු වන්නාට එම ආයතනය තුල සිටින වෙනත් අධීක්ෂකවරයෙකු යටතේ පුහුණු වීමට අවසර දෙනු ලැබේ. අදාල පුහුණු වන්නාගේ ඉතිරි පුහුණු කාලය අධීක්ෂණය කිරීමට කැමැති බව සඳහන් ලිපියක් නව අධීක්ෂක විසින් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පුහුණුවන්නා හට තම ඉතිරි පුහුණු කාලය පෙර පැවති පුහුණු ගිවිසුම යටතේම සම්පුර්ණ කල හැකිය.

ඔබ පුහුණු ආයතනය වෙනස් කිරීමට අදහස් කරන්නේ නම් ඔබගේ පුහුණු අධීක්ෂකගෙන් හා පුහුණු ගිවිසුම ඇරඹිමට අදහස් කරන නව පුහුණු ආයතනයේ අධීක්ෂක යන දෙදෙනාගේම පුර්ව අවසරය ලබා ගත යුතු අතර ඒ බව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ශිෂ්‍ය පුහුණු අංශය වෙත දැනුම් දිය යුතු වේ.

පුහුණු වාර්තා ඉදිරිපත් කිරීමට ප්‍රමාද වුවහොත් එම පුහුණු කාල සීමාව දීර්ඝ කිරීමට සිදුවනු ඇත. පුහුණු වන්නා විසින් අදාල කාර්තුව සඳහා වන වාර්තා ප්‍රමාද කරනු ලබන කාලසීමාව මෙන් හරි අඩක් දීර්ඝ කිරීමට යටත් වේ. එසේම ඔබ විසින් පුහුණු කාල සීමාව තුළ සම්පුර්ණ කල යුතු අවම පුහුණු නිර්ණායකයන් සම්පූර්ණ කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා පුුහුණු ගිවිසුම දීර්ඝ කිරිමක් සිදු කෙරේ.

අවම වශයෙන් වර්ෂයකට වැඩ කරන දින 220ක් ඇතුලත් වන පරිදි, වර්ෂ 3ක ප්‍රායෝගික පුහුණුවක් නිම කිරිමට අවශ්‍ය වේ. මෙයට නිවාඩු දින අයත් නොවිය යුතු අතර ඔබ විසින් පහත දැක්වෙන එක් එක් අංශය තුල ප්‍රමාණවත් ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ.

Experience Category Public Practice Non Public Practice
Executive Level Business Level Corporate Level Executive Level Business Level Corporate Level
Financial Accounting & Reporting Accounting 40 50 50 80 90 90
Control & Assurance 80 75
(Note vi)
75
(Note vi)
20
(Note vii)
20
(Note v)
20
(Note vi)
Taxation 10 15 15 10 15 15
Management Accounting and Finance - -
-
20 20 20
Use of Information Technology 20 25 25 20 25 25
Secretarial Practice - 5 5 - -
-

අභ්‍යන්තර විගණන අංශයක් නොමැති අවස්ථාවලදි, මුල්‍ය කළමනාකරණය (Financial Management) සඳහා වන දින ගණන වර්ෂයකට දින 40ක් දක්වා ඉහළ නැංවෙනු ඇත.

අවම පුහුණු අවශ්‍යතාවයන් සම්පුර්ණ නොකරන පුහුණුවන්නන්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් ප්‍රදානය කරනු ලබන සහතික සඳහා අයදුම් කිරීමට සුදුසුකම් නොලබනු ඇත.

පුහුණු වන්නා විසින් ලිඛිත ඉල්ලීමක් තමාගේ අධීක්ෂක හරහා ඉදිරිපත් කළ යුතුය. ඉතිරි පුහුණු කාලය ආවරණය කර ගැනීම සඳහා දැනට පවතින පුහුණු ගිවිසුම දීර්ඝ කර ගැනිමක් හෝ නව පුහුණු ආයතනයක් හා එක් වීම මගින් හෝ පුහුණු අවශ්‍යතාවය සම්පුර්ණ කර ගත හැකිය.

ඔව්. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපංදිංචි වී සිටින, අනුමත පුහුණු ආයතන හරහා පුහුණු වීම් ආරම්භ කර ඇති පුහුණුවන්නන් පුහුණු කාල සීමාව තුල දීමනාවක් ලැබීඹට සුදුසුකම් ලබයි. මෙම දීමනාව ඔබ සම්පුර්ණ කර ඇති විභාග මට්ටම් සහ පුහුණු කාලසීමාව අනුව තීරණය වේ.

මෙම සම්මුඛ පරික්‍ෂණය මගින් අයදුම්කරුවෙකුගේ පුහුණු වාර්තාවන්හි සත්‍ය අසත්‍ය භාවය, (නිවැරදි බව) ඔහුගේ හෝ ඇයගේ ඉදිරිපත් කිරිමේ කුසලතාවය, ඉංග්‍රීසි මාධ්‍ය භාවිතය ඇඟයිම සිදු කරගනු ලැබේ. මෙය අයදුම්කරු විසින් ඉදිරිපත් කිරීම සඳහා තෝරා ගනු ලබන මාතෘකාව මත පදනම් වන අතර සාර්ථක වන සෑම අයදුම්කරුවෙකුම ආයතනයේ සාමාජිකත්වය සඳහා නිර්දේශ කරනු ලැබේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව වෘත්තියේ නියැලීම සඳහා සහතිකය ලබා ගැනීමට පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුය.

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය ලබා තිබීම.
  • Diploma in Accounting and Business/Certified Senior Business Accounting සහතිකයට සුදුසුකම් ලැබීමෙන් පසු විගණන අංශයේ අනුමත පුහුණු ආයතනයක වසර දෙකක (දවස් 440) Corporate Level පුහුණුව නිම කර තිබීම.
  • ඉහත සඳහන් සියලූ අවශ්‍යතා හෝ  ඕනෑම අවශ්‍යතාවයක් අදාල කාල සීමාව තුලදී සම්පුර්ණ කිරීමට අසමත්වන පුහුණුව ලබන්නන් / සාමාජිකයන් තම පුහුණු කාල සීමාව දීර්ඝකර ගැනිම හෝ නව ගිවිසුමකට එළඹිමෙන් අවශ්‍ය ඉතිරි කාල සීමාවට අදාලව එම පුහුණුව සම්පුර්ණ කල යුතුය.

PB1+ PC1 (2 years)