වරලත් ගණකාධිකාරීවරුන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැංවීම සහ පෙළඹවීමක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය 40 වන ජාතික සමුළුව පවත්වයි.

2019 සැප්තැම්බර් 23 වෙනි සදුදා, 15:46 Piyoshila
මුද්‍රණය

දිනපතා ඒකකාරී වෘත්තිය රටාවෙන් හෙම්බත්ව ආයතනික ලොව විශාල ආතතියක ගිලී සිටින පසුබිමක් තුළ වරලත් ගණකාධිකාරීවරුන්ද ඇතුළු වෘත්තිකයන් ද මහත් පසුබෑමකට ලක්ව ව්‍යාපාර ඉදිරියට මෙහෙයවීම සඳහා අවශ්‍ය 'ඉලක්ක දිශානති' උපාය මාර්ග කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවද පහත වැටෙමින් පවතින බව මේ වන විට දක්නට තිබේ. මෙම ව්‍යසනකාරි පසුබැස්මට පිළියමක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) තම 40 වන ජාතික සමුළුව තුළින් වරලත් ගණකාධිකාරිවරුන් තුළ ආත්ම විශ්වාසය නැවත ගොඩ නැංවීම සහ වෘත්තීය පෙළඹවීමක් ඇති කිරීම සඳහා නායකත්වය ගැනීමට සැලසුම් කොට තිබේ.

From L to R: Chairman of the National Conference Committee Mr. Dulitha Perera, CA Sri Lanka President Mr. Jagath Perera, CEO Ms. Dulani Fernando and Chairman of the National Conference Technical Committee Mr. Moiz Rehmanjee at the theme unveiling of the 40th National Conference.

ශ්‍රී ලංකාවේ දැවැන්තම ව්‍යාපාරික සමුළුව ලෙස ආයතනික ලොව අතර ප්‍රකටව ඇති මෙම සමුළුව 'ඔබ තුළ පවතින ආකර්ෂණීය පෞරුෂය හඳුනාගන්න : ස්වයං ගවේශණය සඳහා වන ගමන' (Finding your Mojo: A Journey of Self Discovery) යන තේමාවෙන් යුතුව 2019 ඔක්තෝබර් 14 වන දින සිට 16 වන දින දක්වා බත්තරමුල්ල, වෝටර් එජ් හීදී පවත්වනු ඇත. මෙම සමුළුවේ තේමාව පසුගියදා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා, ජාතික සමුළු කමිටු සභාපති දුලිත පෙරේරා, ජාතික සමුළු තාක්ෂණික කමිටු සභාපති මොයිස් රෙහෙමන්ජි මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී දුලානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කරන ලදි. යම් පුද්ගලයෙකු තුළ පවතින ආකර්ෂණිය පෞරුෂය, ඔහුගේ බාහිර සාර්ථකත්වය නිර්මාණය කරනු ලබන අභ්‍යන්තර මායාවක් ලෙස හැඳින්විය හැක. යම් වෘත්තිකයෙකු තුළ පවතින උද්‍යෝගය සහ කේන්ද්‍රගත අවධානය ඔවුන්ගේ ජීවිතවල මෙන්ම වෘත්තීන්වලද ඉහළටම නැඟීම සඳහා ඔවුන්ට බෙහෙවින් උපකාරී වේ. කෙසේ වුවද ඕනෑම පුද්ගලයෙකු යම් අභාග්‍ය සම්පන්න සිදුවීම් වලට ගොදුරු විය හැකි අතර එවැනි අවස්ථාවල ඉන් මිදීම සඳහා ඔවුන්ට යම් මග පෙන්වීමක් අවශ්‍ය වනු ඇත. මෙම සමුළුව සඳහා මෙරට සුප්‍රකට ව්‍යාපාරික නායකයන් සහ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සහභාගි වන අතර මේ සඳහා සහභාගි වන්නන්ට තමා තුළ වන පෞරුෂය නැවත ගොඩනංවා ගැනීමේ මායාව මෙන්ම තම අරමුණ වෙනුවෙන් උද්‍යෝගය නැවත ප්‍රතිෂ්ඨානය කරගැනීම පිළිබඳව මෙන්ම තම සමාගම් සහ සමස්ත වශයෙන් රටට අගයක් නිර්මාණය කරගන්නා අකාරය පිළිබඳ හැදෑරීමේ වැදගත් වේදිකාවක් නිර්මාණය වනු ඇත.

සමුළුව ඔකුතෝබර් 14 වන දින උත්සවාකාරයෙන් ආරම්භ වන අතර 15 සහ 16 යන දිනයන්හි තාක්ෂණික සැසි පැවැත්වෙනු ඇත. මේ සඳහා දේශීය සහ විදේශීය දේශකයන් මෙන්ම සමුළු සාමාජිකයන්ද සහභාගි වන අතර ඔවුන් මෙම අභියෝගාත්මක ආයතනික ලොව තුළ සාර්ථකත්වයේ ඉහළටම යාමට අවශ්‍ය ගතානුගතික නොවූ ක්‍රමවේදයන් පිළිබඳ ඔවුන් සතු දැනුම බෙදාහදා ගැනීමට නියමිතය. මේ සඳහා සහභාගි වන සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම සහ සහභාගිවීමට අපේක්ෂිත සියලුම දෙනා වෙනුවෙන් ආසන පහසුකම් ලබා දීමේ අපහසුව හේතුවෙන් සංවිධායකයන් විසින් තාක්ෂණික සැසි කොළඹ ගලධාරී හෝටලයේදී සජීවී ලෙස රූපවාහිනී විකාශණයක් ඔස්සේ ඉදිරිපත් කිරීමට සැලසුම් කොට තිබේ. පසුගිය වසෙර් තෙදිනක් පුරා පැවති සමුළුව සඳහා 2000 කට අධික පිරිසක් සහභාගි වූ අතර විදෙස් රටවල වෙසෙන සහ කොළඹ පැවති එම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වූ වරලත් ගණකාධිකාරීවරුන් සහ අනෙකුත් වෘත්තිකයන්ගේ ප්‍රයෝජනය සඳහා අන්තර්ජාලය ඔස්සේද සජීවී විකාශයක් සිදු කරන ලදි.

LAST_UPDATED2