ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය 54 වන වාර්ෂික වාර්තා සම්මාන තරගය සඳහා අයදුම් පත් කැඳවයි.

2018 අගෝස්තු 09 වෙනි බ්‍රහස්පතින්දා, 04:01 Vigashini
මුද්‍රණය

මෙරට සකස් කරන ලද විශිෂ්ටතම සහ වඩාත් බුද්ධිමත් වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කිරීමේ ප්‍රයත්නයක් ලෙස ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA SriLanka) 54 වන වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය සඳහා දැන් අයදුම් පත් කැඳවයි.

මෙවර තරගය පැවැත්වෙන්නේ "සුවිශේෂී බුද්ධියක මූර්තිය" යන තේමාවෙන් යුතුවවන අතර මෙහිදී තෝරා ගන්නා විශිෂ්ට වාර්ෂික වාර්තා මෙම වසෙර් දෙසැම්බර් මස පැවැත්වෙන උත්කර්ෂවත් උළෙලකදී ඇගයීමට ලක් කෙරෙනු ඇත. මෙම තරගයේදී වාර්තාකරණය පිළිබඳ සීමාවන් වලින් ඔබ්බට යමින් විනිවිදභාවය, වගකිවයුතුභාවය සහ යහ පාලනය පිළිබිඹු වන අයුරින් යම් ස්ථීතියක මෙහෙයුම් විශිෂ්ට අන්දමින් පරාවර්තනය කරනු ලබන සහ වඩාත් එකට බැඳුණු, නිරවුල් සහ අවශ්‍යතාවය අනුව සකස් කරන ලද වාර්ෂික වාර්තා ඉදිරිපත් කරනු ලබන සංවිධාන සම්මානයට පාත්‍ර කෙරේ.

අඩ සියවසකටත් වැඩි ඉතිහාසයකට හිමිකම් කියන මහත් අපේක්ෂිත ආයතනික තලයේ තරගයක් ලෙස සැලකෙන මෙම තරගය බහු ජාතික සමාගම්වල සිට සමූහ ව්‍යාපාර, රාජ්‍ය නොවන සංවිධාන, ලාභ නොලබන සංවිධාන සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා සංවිධාන වලට තම වාර්තාකරණ ප්‍රමිතිය ගෝලීය භාවිතයට සමගාමීව ඉහළ නංවා ගන්නා අතරම මූල්‍ය වාර්තාකරණයේ විනිවිදභාවය සහ වගකිවයුතුභාවය වැඩි දියුණු කර ගැනීම සඳහා වැදගත් වේදිකාවක් නිර්මාණය කර දී තිබේ.

54 වන වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා අයදුම් පත් බාර ගැනීම 2018 අගෝස්තු 31 වන දායිින් අවසන් වන අතර ආයතනය විසින් මේ සඳහා 2017 දෙසැම්බර් 31 වන දායින් සහ 2018 මාර්තු 31 වන දායින් අවසන් වන වසර සඳහා වාර්ෂික වාර්තා බාර ගනු ලබයි.

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කරුණු දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා
මහතා මෙරට ගණකාධිකාරීවරුන්ගේ ජාතික ව්‍යුහය වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය ගෝලීය අවශ්‍යතාවයන්ට ගැලපෙන අයුරින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර නංවාලීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන බව සඳහන් කළේය. "එවැනි පසුබිමක ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම වාර්ෂික වාර්තා තරගාවලිය එකට බැඳුණු, නිරවුල් සහ වාර්තාකරණයේ ව්‍යවස්ථාකූල සීමාවන් වලින් ඔබ්බට යමින් ප්‍රමිතියෙන් යුත් වාර්ෂික වාර්තා සකස් කිරීම සඳහා සමාගම් වලට වැදගත් වේදිකාවක් නිර්මාණය කර දෙන අවස්ථාවක් ලෙස කීර්තියක් දිනා ගැනී මට සමත් වෙලා තිඛෙනවා." ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.54 වන වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා අයදුම් පත් බාර ගැනීම 2018 අගෝස්තු 31 වන දායිින් අවසන් වන අතර ආයතනය විසින් මේ සඳහා 2017 දෙසැම්බර් 31 වන දායින් සහ 2018 මාර්තු 31 වන දායින් අවසන් වන වසර සඳහා වාර්ෂික වාර්තා බාර ගනු ලබයි.

ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායමක් කරා අඛණ්ඩ ගමනක යෙදී සිටින බව සඳහන් කළ පෙෙර්රා මහතා ඔනෑම සංවර්ධනය වන ආර්ථීකයක ඉතා වැදගත් මුල් ගල් ලෙස සැලකෙන විනිවිදභාවය, වගකිවයුතුභාවය සහ යහ පාලනය බුද්ධිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම තුළින් අප රටේ ඉදිරි ගමන වෙනුවෙන් වෘත්තීය ප්‍රජාව සහ ආයතන වැදගත් භූමිකාවක නිරත විය යුතු යැයි සඳහන් කළේය.

"මෙම ගමනේදී ඉහළ ගෝලීය ප්‍රමිතියකින් යුතුව ඉතා වටිනා සහ විනිවිදභාවයකින් යුත් වාර්ෂික වාර්තා සකස් කිරීම ව්‍යාපාරික ලෝකය තුළ තම තත්ත්වය කුමක් වුවත් යම් සංවිධානයක න්‍යාය පත්‍රයේ ඉහළින්ම තිබිය යුතුයි. ඒ වගේම නිවැරදි මූල්‍ය වාර්තාකරණය සමාගමක මෙන්ම රටකද දිගුකල් පැවැත්මට ඉතා තීරණාත්මක ලෙස බලපානවා." පෙෙර්රා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

වාර්ෂික වාර්තා සම්මාන කමිටුවේ සභාපති හේෂන කුරුප්පු මහතා අදහස් දක්වමින් වසරින් වසර දක්නට ලැඛෙන අඛණ්ඩ වර්ධනය තුළින් මෙම තරගාවලියේ වැදගත්කම මනාව පිළිබිඹු වන බව සඳහන් කළේය. තම ආයතනය තරගාවලියේ අනුකූලතාවය තහවුරු කිරීම සඳහා නවතම ගිණුම්කරණ ප්‍රමිතීන් සහ අනෙකුත් අදාල ප්‍රකාශනයන් ආදියෙන් ඇගයීමේ පටිපාටිය යාවත්කාලීන කරන බවද ඔහු පැවසීය.

ඉතා නිවැරදි ලෙස සහ විධිමත් ලෙස සකස් කරන ලද වාර්ෂික වාර්තා රටක ප්‍රාග්ධන වෙළඳ පොල වර්ධනය වීම සඳහා උපකාරි වන අතර ඒ සඳහා පැහැදිලි, අංග සම්පූර්ණ සහ සංක්ෂිප්ත ආකාරයේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව, බුද්ධිමත් අන්දමින් ආයෝජන තීරණ ගැනීම සඳහා කොටස්කරුවන් සහ ඉදිරි ආයෝජකයන් ඇතුළු සියළු පාර්ශ්ව කරුවන් සඳහා ඉතා තීරණාත්මක ලෙස බලපාන බවද කුරුප්පු මහතා පෙන්වා දුන්නේය.

"විශාල ලෙස පිළිගැනීමට ලක්ව ඇති දැවැන්ත සමාගම්වල සිට ලාභ අපේක්ෂා නොකරන කුඩා සංවිධාන දක්වා විවිධ ආයතන වාර්ෂික ආයතනික වාර්තාකරණය සඳහා විශිෂ්ට භාවිතයන් යොදා ගැනීම සඳහා තම කැපවීම දැක්වීම ඇත්තෙන්ම සතුටට කරුණක්. ශ්‍රී ලංකාවේ වාර්ෂික වාර්තා සකස් කරනු ලබන ආයතන වලට මෙම තරගාවලියට සහභාගි වෙමින් විනිවිදභාවය, වගකිවයුතු භාවය සහ යහපාලනය ආදී හරාත්මක ඉසව් ප්‍රවර්ධනය කිරීම සඳහා තමන් තුළ වගකීමකින් යුත් ව්‍යාපාරික කැමැත්තක් තිඛෙන බව ලොවට පිළිබිඹු කිරීම සඳහා මා ඔවුන් දිරිමත් කරනවා." කුරුප්පු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි වාර්ෂික වාර්තා තරගාවලිය සඳහා වාර්ෂික වාර්තා සකස් කරනු ලබන ශ්‍රී ලංකාවේ ඔනෑම සංවිධානයකට සහභාගි විය හැකිය. බැංකු ආයතන, රාජ්‍ය බැංකු, විවිධාංගිකරණ සමූහ ව්‍යාපාර, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම් සහ අනෙකුත් මූල්‍ය ආයතන, ආහාර පාන සමාගම්, සෞඛ්‍ය රැකවරණආයතන, වෙළඳ සමාගම්, හෝටල් සමාගම්, රක්ෂණ සමාගම්, ඉඩම් හා දේපළ අලෙවි සමාගම්, නිෂ්පාදන සමාගම්, මෝටර් වාහන සමාගම්, සේවා සංවිධාන, විදුලි සංදේශ සමාගම්, ඒකක සංගත, මාධ්‍ය හා විනෝදාස්වාද සමාගම්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථානුකූල මණ්ඩල, වැවිලි සමාගම්, ඉදිකිරීමේ සමාගම්, විදුලි හාබල ශක්ති සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන (NGO) ඇතුළු ලාභ නොලබන සංවිධාන (NPO) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී කෙටි කාලීන ප්‍රජා කණ්ඩායම්වල සිට මහා පරිමාණ සමූහ ව්‍යාපාර දක්වා ආයතනවලට අංශ 25ක් යටතේ මෙම තරගාවලිය සඳහා අයදුම් කළ හැක.

සමස්ථ තරගාවලියේ ජයග්‍රාහකයන් සහ එක් එක් අංශයේ ජයග්‍රාහකයන් හැරුණු විට තරගාවලිය මගින් ආයතනික යහ පාලන අනාවරණය, ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය, කළමනාකරණ විවරණය, ඒකීයකරණ වාර්තාකරණය - ප්‍රාග්ධන කළමනාකරණය පිළිබඳ විශිෂ්ට අනාවරණය සහ ඒකීයකරණ වාර්තාකරණය - ව්‍යාපාරික ආදර්ශය පිළිබඳ විශිෂ්ට අනාවරණය ආදිය සඳහා ද සංවිධාන ඇගයුමට ලක් කෙෙර්.

CAPTIONS:

From Left to Right: CA Sri Lanka Vice President Mr. Manil Jayesinghe, CA Sri Lanka President Mr. Jagath Perera, Annual Report Awards Committee Chairman Mr. Heshana Kuruppu, Colombo Stock Exchange Chairman Mr. Ray Abeywardena, Colombo Stock Exchange Head of Market Development Mr. Niroshan Wijesundere and CA Sri Lanka Secretary Mr. Prasanna Liyanage.

CA Sri Lanka President Mr. Jagath Perera addressing the media.

Chairman of the Annual Report Awards Committee Mr. Heshana Kuruppu explaining the rationale behind this year’s theme ‘Epitome of Brilliance’

A section of the invitees at the press conference.

Colombo Stock Exchange Chairman Mr. Ray Abeywardena explaining why the CSE came on board once again as a Strategic Partner at this year’s Annual Report Awards competition.

CA Sri Lanka Vice President Mr. Manil Jayesinghe delivering the vote of thanks.