ගෝලීය ගණකාධිකාරි සංවිධානයේ සභාපතිනියගේ ශ්‍රී ලංකාසංචාරය සඳහා CA Sri Lanka, CMA Sri Lanka AAT Sri Lank සහ AAT Sri Lanka සත්කාරකත්වය දක්වයි.

2018 ජූනි 26 වෙනි අඟහරුවාදා, 10:40 Vigashini
මුද්‍රණය

ගණකාධිකරණ වෘත්තියේ ගෝලීය සංවිධානය වන ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) සභාපතිනිය වන රැචල් ග්‍රිම්ස් මහත්මිය ජූලි මස 4 වන දින සිට 7 වන දින දක්වා දින 4ක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඒ සඳහා මෙරට ජාතික ප්‍රධානතම වෘත්තීය ගිණුම්කරණ සංවිධාන 3ක් වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka), සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CMA Sri Lanka) සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka) ඇතුළු ගණකාධිකරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) ශ්‍රී ලංකාවේ සාමාජික සංවිධාන විසින් සත්කාරකත්වය දක්වනු ලබයි.

ඇගේ සංචාරය තුළින් ශ්‍රී ලංකාවේ ගිණුම්කරණ වෘත්තීය සඳහා වන ගෝලීය පිළිගැනීම වැඩි දුරටත් ශක්තිමත් වන අතර රට පුරා ගිණුම්කරණ වෘත්තීය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉහත සඳහන් වෘත්තීය ගිණුම්කරණ සංවිධානතුන මගින් දියත් කරන ලද "විශිෂ්ටත්වයක් සඳහා වෘත්තියක් නිර්මාණය කිරීම" යන උපාය මාර්ගික නවෝත්පාදනය සඳහා විශාල උත්තේජනයක් ලැඛෙනු ඇත.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka), සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CMA Sri Lanka), සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka), යන වෘත්තීය ආයතන, පොදුජන සුබසිද්ධිය උදෙසා ශක්තිමත් ජාත්‍යන්තර ආර්ථීකයන් වර්ධනය කිරීම උදෙසා කැපවීමෙන් කටයුතු කරන ගිණුම්කරණ වෘත්තිකයන්ගේ ගෝලීය සංවිධානය වන ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) සාමාජිකත්වය දරයි. ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFAC) ලොව රටවල් සහ බලප්‍රදේශ 130කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්තව සිටින සාමාජිකයන් සහ ආශ්‍රිත සාමාජිකයන් 175කට අධික සංඛ්‍යාවකින් සමන්විත වන අතර පෞද්ගලික අංශය,අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය, කර්මාන්ත සහ වාණිජ ආදී ක්ෂේතයන් නියෝජනය කරමින් ඊට සම්බන්ධව සිටින ගණකාධිකාරිවරුන්ගේ සංඛ්‍යාවමිලියන 3කට අධිකය.

ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) සභාපතිනි රැචල් ග්‍රිම්ස් මහත්මිය

තම ශ්‍රී ලංකා සංචාරයේදී ග්‍රිම්ස් මහත්මිය විසින් ඉහත වෘත්තීය ආයතන තුනමගින් සත්කාරකත්වය දක්වන ඉහළ පෙළේ රැස්වීම් සහ ඉසව් කීපයකටම සහභාගි වීමට නියමිතව ඇත. එසේම ඇය ගිණුම්කරණ වෘත්තියේ නියැළි සාමාජිකයන්, නියාමකයන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන්ද මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිතය. 2018 ජූලි 04 වන දින ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka), සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනය (CMA Sri Lanka), සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය (AAT Sri Lanka) යන ආයතන තුනඑක්ව ග්‍රිම්ස් මහත්මිය වෙනුවෙන් පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වනු ඇත. මෙම භෝජන සංග්‍රහය සඳහා ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්, ආයතනික නායකයන්, නියාමකයන් සහ ගණකාධිකාරිවරුන් ද සහභාගිවීමට නියමිතය. ඇගේ ප්‍රධානත්වයෙන් ඉහත වෘත්තීය ආයතන තුනේ සිසුන් වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරිත්ව සැසියක්ද පැවැත්වෙනු ඇත.

2018 ජූලි 05 වන දින ගණකාධිකාරිවරුන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේ සභාපතිවරිය, සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ (CMA Sri Lanka) "ගෝලීය කළමනාකරණ ගිණුම්කරණ සමුළුවේ" ආරම්භක අවස්ථාව සඳහා සම්භාවනීය ආරාධිතයා ලෙස සහභාගි වන අතර එහි ප්‍රධාන දේශනයද පවත්වනු ඇත. ඊට අමතරව තාක්ෂණ සැසියද ඇතුළුව ඇය සමුළුවේ සැසි කීපයකටද සහභාගි වන්නීය. 05 වන දින සවස් වරුවේ ග්‍රිම්ස් මහත්මිය සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ (CMA) "ඒකීයකරණ වාර්තාකරණ විශිෂ්ටත්ව 2018" සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එහි ප්‍රධාන දේශනය පැවැත්වීමට සහ සම්මාන ප්‍රදානය කිරීම සඳහාද සහභාගි වනු ඇත.

2016 ජූලි 06 වන දින ග්‍රිම්ස් මහත්මිය මෙරට ප්‍රමුඛතම විධායක නිලධාරීන්සහභාගි වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධාන විධායක නිලධාරින්ගේ උදෑසන රැස්වීමකට (Breakfast Meeting)සහභාගි වෙමින් සාකච්ඡාවල නිරත වනු ඇත. පසුව ඇය සවස තේ පානයේදී ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සාමාජිකයන් මුණ ගැසී වෘත්තියට අදාල කරුණු කාරණා පිළිබඳව වැඩි දුර කතා බහක නියැළෙනු ඇත. එදිනම ඇය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ හැදැරීම් කටයුතුවල නිරත පාර්ශ්වකරුවන් ද මුණ ගැසීමට නියමිතව සිටින්නීය. 06 වන දින සැඳෑවේ ඇය ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනයේ (AAT Sri Lanka) නව සභාපතිවරයාපත් කිරීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වනු ඇත.

2018 ජූලි 07 වන දින ග්‍රිම්ස් මහත්මිය ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට පෙර ඉහත ගණකාධිකරණ ආයතන තුනේ ප්‍රධානින් මුණ ගැසීමට ද නියමිතය.

LAST_UPDATED2