ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ 39 වන සමුළුව තුළින් වරලත් ගණකාධිකාරිවරුන්ට නැණවත් සහ ප්‍රබෝධමත් ප්‍රවේශයකට මඟ හෙළි කරයි.

2018 සැප්තැම්බර් 04 වෙනි අඟහරුවාදා, 09:04 Vigashini
මුද්‍රණය

ශ්‍රී ලංකාවේ විශාලතම වාර්ෂික සමුළුව වන වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) මගින් සංවිධානය කරනු ලබන වරලත් ගණකාධිකාරිවරුන්ගේ ජාතික සමුළුව මෙම වසෙර්ත් වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ලොව සංකීර්ණතාවයන් නොතකා වරලත් ගණකාධිකාරිවරුන්ට විකසනය වීමට උපකාරී වන ඉතා වැදගත් ප්‍රවේශයකට මඟ සලසමින් පැවැත්වීමට සියලු කටයුතු සැලසුම් කොට තිබේ.

වරලත් ගණකාධිකාරිවරුන්ට අභියෝගයන්ට මූණ දීමේ වැදගත්කම වටහා ගැනීම සඳහා මෙන්ම තාක්ෂණ, ප්‍රජා විද්‍යාත්මක සහ ආර්ථීක වෙනස්කම් ආදිය බාධාවන් බවට පත් කර නොගනිමින් නැණවත් ලෙස පියවර ගැනීමට හැකියාවක් උදා කිරීම තහවුරු කිරීම සඳහා මෙවර 39 වන ජාතික සමුළුව පැවැත්වෙන්නේ 'දැවැන්ත පිම්මක්' (Hyperleap) යන තේමාවෙන් යුතුවය.

2018 ඔක්තොබර් 08 සිට 10 දක්වා පැවැත්වෙන සමුළුව තුළින් ඉහළයන තාක්ෂණික වියවුල්, අනාගත මානව සම්පත් අභියෝගයන් සහ ගෝලීය ආර්ථීකය සඳහා වන වෙනස්කම් ආදිය කෙරෙහි අවධානය යොමු කරන අතරම මීට පෙර ව්‍යාපාර ඉහළ තලයකට ගෙන ඒම සඳහා ගණකාධිකාරිවරු නිරත වූ වැදගත් භූමිකාවන් සහ ඔවුන්ට අඛණ්ඩව ඉදිරියට ගෙන යා හැකි භූමිකාවන් අවධාරණය කිරීමටද අපේක්ෂා කෙරේ.

මෙවර සමුළුවේ තේමාව අනාවරණය කිරීම සඳහා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා මහතා ගණකාධිකාරි වෘත්තියද ඇතුළුව වෘත්තීය ප්‍රජාව සඳහා තාක්ෂණික විප්ලවය මගින් ගෙන එන ලද සැලකිය යුතු වෙනස්කම් පිළිබඳව අවධාරණය කරමින් මෙසේ සඳහන් කළේය. "විශේෂිත වූ වෘත්තිකයන් කණ්ඩායමක් ලෙස වෘත්තියට අනුකූලව රැඳී සිටීම සඳහා නව ප්‍රවණතා, තාක්ෂණය සහ ක්‍රමවේදයන් පිළිබඳ අභියෝගයන් සහ සංකීර්ණතාවයන් සඳහා මුහුණ දීමේ අවශ්‍යතාවයන්ද අත් වී තිඛෙනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය තම සාමාජිකයන්ට සුදුසුකම් ලබා දීම සඳහාපමණක් නොව ඔවුන්ගේ වත්මන් සන්දර්භය කරා විකසනය වීමට වේදිකාවක් නිර්මාණය කරදීම තහවුරු කිරීම සඳහාද විවිධ නවෝත්පාදන හඳුන්වාදීමට පෙරමුණ ගනු ලබන්නේ එබැවිනුයි."

පසුගිය වසෙර් පැවති ජාතික සමුළුව සඳහා ව්‍යාපාරික ප්‍රධානින්, ප්‍රධාන විධායක තලයේ නිලධාරින් සහ ඉහළ පෙලේ වෘත්තිකයන්ද ඇතුළුව 1700කට අධික පිරිසක් සහභාගි වූහ. පසුගිය වසෙර් මෙන්ම මෙවරද ආයතනය මගින් විදෙස්ගතව සිටින වරලත් ගණකාධිකාරිවරුන්ගේ ප්‍රයෝජනය පිනිස සමුළුව අන්තර්ජාලය ඔස්සේ විසුරුවා හැරීමටද කටයුතු යොදා තිබේ. දින තුනක් පුරා පැවැත්වෙනන මෙම සමුළුව දින දෙකක තාක්ෂණික සැසියකින්ද සමන්විත වන අතර ඒ සඳහා සහභාගි වන දෙස් විදෙස් දේශකයන් තම වෘත්තීය දිවිය තුළ අභියෝගයන් නොතකා නැණවත්ව පියවර ගනිමින් තමන් ඉදිරියට පැමිණි අයුරු පිළිබඳ අත්දැකීම් ඛෙදා හදා ගැනීමට නියමිතය

මාධ්‍ය ඇමතූ ජාතික සමුළු කමිටුවේ සභාපති දුලිත පෙෙර්රා මහතා ආර්ථීක සංවර්ධනය ඉහළ නැංවීම සඳහා පුද්ගලික අංශයේ මෙන්ම රාජ්‍ය අංශයේද ප්‍රමුඛ භූමිකාවන්හී නිරන්තරයෙන් නිරතව සිටින වරලත් ගණකාධිකාරිවරුන්ගේ කාර්යභාරය අවධාරණය කරමින් මෙසේ පැවසීය. "ඔවුන් නිසි උපාය මාර්ගික තීරණ ගැනීමේ හැකියාවන්ගෙන් ද සමන්විතව තම අධ්‍යක්ෂ මණ්ඩල සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. එවැනි වරලත් ගණකාධිකාරිවරුන්ගේ උර මත පැවරී ඇත්තේ විශාල වගකීමක්. එබැවින් කාලානුරූපීව වෙනස්වෙන වෘත්තියට අනුකූල ලෙස පැවතීම සඳහා අභියෝගවලට මූණ දෙමින් නිරන්තරයෙන් තම වෘත්තියට සහ ඔවුන් සේවය කරන සමාගම් වලට අගයක් එක් කිරීම තහවුරු කිරීමට හැකියාවක් උදාකරදීම සඳහා අප පෙරමුණ ගනු ලබනවා."

ජාතික සමුළු කමිටු සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් අභියෝග සහ සංකීර්ණතා ව්‍යාපාරික ලොව හා බැඳී පවතින අංගයන් වන අතර ඉදිරි අනාගතය දෙස බලා අවශය කුසලතා සහ දැනුම ලබා ගනිමින් නව අභියෝගයන්ට සාර්ථකව මූණ දීමේ දූර දර්ශී බවකින් යුත් දැක්මක් සහිත චින්තකයන් බවට ගණකාධිකාරිවරු පත් විය යුතු බව අවධාරණය කළේය. "ඒ සඳහා මනස සංවර්ධනය කර ගැනීමට මෙම ජාතික සමුළුව ඉතා සුදුසු වේදිකාවක්. එමගින් වරලත් ගණකාධිකාරිවරුන්ගේ සිතිවිලි වර්ධනය කර ගැනීමට උපකාරී වන නව දැනුම ලබා දෙමින් වරලත් ගණකාධිකාරිවරුන් අදාල ක්ෂේත්‍ර පිළිබඳ දැනුවත් කිරීම කෙරෙහිද අප අවධානය යොමු කොට තිඛෙනවා." දුලිත පෙෙර්රා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ජාතික සමුළු තාක්ෂණික කමිටු සභාපති මොයිස් රෙහෙමන්ජි මහතා මෙම වසෙර් සමුළුවේ තේමාව ලෙස 'දැවැන්ත පිම්මක්' (Hyperleap) යන තේමාව කමිටුව විසින් තෝරා ගැනීමට තීරණය කිරීම පිළිබඳව අදහස් දක්වමින් වෘත්තියේ සාමාජිකයන් තුළ ඔවුන් මූණ පාන අභියෝග වලින් අධෛර්යයට පත් නොවී ඒවා අවස්ථාවන් බවට පත් කර ගැනීමේ හැකියාව තහවුරු කිරීම සඳහා එම තේමාව තෝරා ගත් බව සඳහන් කළේය. "වෘත්තිකයන් ලෙස අප ඉතා නැණවත්ව ඉදිරියට යා යුතු වන අතර වෙනස් වන තාක්ෂණයන්ගෙන් හෝ ප්‍රජා විද්‍යාත්මක හේතු වලින් පසු නොබෑ යුතුයි. එවැනි අභියෝගයන්ට මූණ දෙමින් ඒවා අවස්ථාවන් බවට පත් කර ගනිමින් ඉතා බුද්ධිමත් ලෙස ඉදිරි පිම්මකට සූදානම් වීම ඉතා වැදගත්." ඔහු වැඩි දුරටත් පැවසීය.

තව දුරටත් අදහස් දැක්වූ රෙහෙමන්ජී මහතා සාම්ප්‍රදායික ව්‍යාපාර ආදර්ශයන් නිසා ඇතිවන වියවුල් සහ ඩිජිටල්කරණයේ සම්ප්‍රාප්තිය ආදිය මානව සම්පත් සහ ආර්ථීක ආදී අංශ කෙරෙහි බලපාන අනෙකුත් වෙනස්කම් අතර වන අතර මේ සියලු දෑ අතරින් ඉදිරි ගමනක් යාම සඳහා වරලත් ගණකාධිකාරිවරු සියලු කුසලතා සහ අත්දැකීම් වලින් සන්නද්ධව සිටින බව සඳහන් කළේය."අප විසින් අත්කරගනු ලබන නිපුණත්වයන් සියලු සංකීර්ණතා මැද අවබෝධයක් ලබමින් ඉදිරි ගමනක් යාම සඳහා හැඩ ගැසීමට අපට ඛෙහෙවින් උපකාරි වෙනවා." ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

CAPTIONS:

President of CA Sri Lanka Mr. Jagath Perera delivering the welcome speech.

Chairman of the National Conference Committee Mr. Dulitha Perera addressing the media.

Chairman of the National Conference Technical Committee Mr. Moiz Rehmanjee explaining the rationale behind this year’s conference theme ‘Hyperleap’.

Head Table (From left to right) - Chairman of the National Conference Committee Mr. Dulitha Perera, President of CA Sri Lanka Mr. Jagath Perera, Chairman of the National Conference Technical Committee Mr. Moiz Rehmanjee and Secretary of CA Sri Lanka Mr. Prasanna Liyanage.