Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

විභාග

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සුදුසුකම් වලට ලොව පුරා ඉහළ පිළිගැනීමක් ඇත. සෑම වසර පහකට වරක්ම එහි විෂය නිර්දේශය වෙළඳපොළ අවශ්‍යතාවයන්ට අනුරූපීව හා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වෙනස්කම් වලට ලක්වේ.

* Click on Image to view  as PDF  format.

විභාග සම්බන්ධයෙන් නිතර අසන ප්‍රශ්න

පහත ඒකක තුනට අදාළව ආයතනයේ පාඨමාලා ව්‍යුහය සැකසී ඇත.:

  • Executive Level
  • Business Level
  • Corporate Level

ඉහත අදියර තුන පහත රූපසටහනේ දැක්වෙන පරිදි ප්‍රධාන ස්ථම්භ තුනකින් සමන්විත වේ.


KNOWLEDGE PILLAR
SKILLS PILLAR
PERSONAL PILLAR

Executive
Level
Subjects

KE1-Financial Accounting & Reporting Fundamentals SE1-Executive Communication & People Skills PE1-Executive Practical Training & Development
KE2-Management Accounting Information SE2-Executive Information Technology & Systems
KE3-Fundamentals of Taxation & Law
KE4-Processes, Assurance & Ethics
KE5-Commercial Insight for Management

Business Level
Subjects

KB1-Business Financial Reporting SB1-Business Communication & People Skills PB1-Executive Practical Training & Development
KB2-Business Management Accounting SB2-Business Information Technology & Systems
KB3-Business Taxation & Law
KB4-Business Assurance, Ethics & Audit
KB5-Business Value Creation
Corporate
Level
Subjects
KC1-Corporate Financial Reporting SC1-Corporate Communication & People Skills PC1-Executive Practical Training & Development

KC2-Corporate Finance & Risk Management

SC2-Corporate Information Technology & Systems

KC3-Corporate Taxation
KC4-Corporate Governance, Assurance & Ethics
KC5-Corporate Strategy & Contemporary Issues

විභාගය සුදුසුකම් නිර්ණායකය

Executive Level Knowledge Subjects

  • ලියාපදිංචිය
  • අධ්‍යයන ග්‍රන්ථ සඳහා මුදල් ගෙවා ඒවා ලබාගැනීම
  • අවශ්‍ය සුදුසුකම් සපූරා ඇත්නම් විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම
  • විභාග අයදුම්කරන වර්ෂය සඳහා ලියාපදිංචිය අත්කරගැනීම
Business Level Knowledge Subjects
  • විභාග අයදුම්කරන වර්ෂය සඳහා වාර්ෂික දායක මුදල් ගෙවා තිබීම
  • විධායක අදියරෙහි (Executive Level) විෂයන් සමත්ව තිබීම හෝ අදාළ ස්ථම්භයන්හි (pillar) විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම.
  • (SE2-Executive Information Technology & System s) සමත් වීම හෝ විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම
  • SE1-Executive Communication & People Skills සමත් වීම හෝ විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම
  • සෑම විෂයක් සඳහාම ශිෂ්‍ය අත්පොත මිළදීගැනීම හා නිසි පරිදි විභාගය සදහා සූදානම්වීම
  • විධායක අදියරෙහි අදාළ ස්ථම්භයන්හි් (pillar) විෂයන් සමත්වීම ව්‍යාපාරික අදියරෙහි (Business level) අදාළ ස්ථම්භයන්හි (pillar) විෂයන් හැදෑරීමට සුදුසුකමක් වේ
Corporate Level Knowledge Subjects –KC1 to KC5
  • විභාග අයදුම්කරන වර්ෂය සඳහා ලියාපදිංචිය අත්කර ගැනීම
  • විධායක හා ව්‍යාපාරික අදියරෙහි (Business level) අදාළ ස්ථම්භයන් (pillar) විෂයන් සමත්ව තිබීම හෝ විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම
  • SB 2-Business Information Technology & System සමත්වීම හෝ විෂය නිදහස්කර ගැනීම් ලබාගැනීම
  • PE1-Executive Practical Training & Development සහ PB1-Business Practical Training & Development සමත් වීම
  • පුහුණුව සහ සංවර්ධනය
  • අධ්‍යයන ග්‍රන්ථ සඳහා මුදල් ගෙවා ඒවා ලබාගැනීම
  • සියළුම ව්‍යාපාරික අදියරයන්හි (Business level) විෂයන් සමත්වීම හෝ වෙනත් සුදුසුකම් (corporate level) විෂයන් හැදෑරීමට ලබාගෙන තිබීම

KC5-Corporate Strategy & Contemporary Issues - Assignment
  • විභාග අයදුම්කරන වර්ෂය සඳහා ලියාපදිංචිය අළුත් කරගැනීම
  • ව්‍යාපාරික අදියර (Business Level) / Corporate level හි දැනුම් විෂයන් KC1 සිට KC4 සාර්ථක ලෙස සම්පූර්ණ කිරීම
KC5-Corporate Strategy & Contemporary Issues – Case Study
  • විභාග අයදුම්කරන වර්ෂය සඳහා ලියාපදිංචිය අළුත් කරගැනීම
  • KC5-Corporate Strategy & Contemporary Issues - Assignment සාර්තක ලෙස සම්පුර්ණ කිරීම

ලියාපදිංචි වූ සිසුන් විසින් වාර්ෂික ග්‍රාහක මුදල් අදාල වසරට ගෙවා තිබේනම් එය විභාගයට පෙනී සිටීමට සුදුසුකමකි

විභාග අයදුම්පත්‍ර ආකෘති පත්‍ර අනුව විභාග අයදුම්පත්‍ර සැකසිය යුතු අතර ඒවා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සහ පළාත් මධ්‍යස්ථාන වලින් නියමිත දිනයන්හි (වරින් වර දන්වන පරිදි) ලබාගත හැකිය විභාග අයදුම්පත්‍ර

ඉල්ලුම් කරු පැමිණ හෝ තම නම සහ ලිපිනය සඳහන් කරන ලද මුද්දර ගැසූ 23cm x 10cm ලියුම්කවරයක් පහත ලිපිනයට එවීමෙන්ද ලබා ගත හැකිය:

විභාග කළමනාකරු,
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය,
30 A, මලලසේකර මාවත, කොළඹ 07.

ඔව්, ආයතනය සිංහල, ඉංග්‍රීසි, හා දෙමළ මාධ්‍යය පුවත්පත් මගින් විභාග අයදුම්පත්‍ර කැඳවීම පිළිබඳ ප්‍රචාරණය කෙරේ.

සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය සමග අයදුම් පත්‍රය ලැබුණ බව දැන්වීම සඳහා තම ලිපිනය ලියන ලද මුද්දර ඇලවූ තැපැල් පතක් ද, බැංකුවට මුදල් ගෙවූ කුවිතාන්සිය ද, තම ලිපිනය ලියනලද මුද්දර ඇලවූ සෙ.මී.23 x සෙ.මී. 10 ලියුම්කවර දෙකක් ද, වරින්වර දැනුම්දෙන පරිදි අයදුම් පත්‍ර එවිය යුතු අවසාන දිනට පෙර, විභාග කළමනාකරු වෙත ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

අයදුම් පත්‍රය එවියයුතු අවසාන දිනට පසු ලැබෙන අයදුම් පත්‍ර සඳහා ප්‍රමාද ගාස්තුවක් අයකරනු ඇත. (විභාග දින දර්ශකයේ ප්‍රමාද අයදුම් පත්‍ර භාරගන්නා අවසාන දිනය දක්වා ඇත). ඉන්පසු ලැබෙන අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරනු ඇත. අයදුම්කරුවන්ට අයදුම් පත්‍ර ලැබුණ බව දන්වා තැපැල් පතක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් එවනු ලැබේ.

  1. විධායක අදියර (Executive level) විභාග සෑම වසරකම මාර්තු සහ සැප්තැම්බර් පැවැත්වේ.
  2. Business සහ Corporate Level විභාග සෑම වසරකම ජුනි සහ දෙසැම්බර් මාසයන් හිදී පැවැත්වේ.
  3. සිද්ධි අධ්‍යයන විභාග සෑම වසරකට දෙවරක් පැවැත්වේ.

විභාග දින දර්ශකයෙහි විභාග දිනයන් ප්‍රකාශිත කර තිබේ. අපගේ වෙබ් අඩවියෙහි විභාග පිටුවෙහි විභාග දින දර්ශකය දර්ශනය වේ.

  • Executive Level

අයදුම්කරුවන්ට සිංහල දෙමළ හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයීමට හැකිය. එක් විෂයකට පිළිතුරු සැපයිය හැකිවන්නේ එක් මාධ්‍යකින් පමණි.

  • Business and Corporate Level

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් විභාග පැවැත්වේ.

  • පිළිතුරු පත්‍ර

විභාගවලට පිළිතුරු සැපයීම සඳහා පිළිතුරු පත්‍ර, අතිරේක පොත් විවිධ වර්ණයෙන් මුද්‍රණය කර තිබේ.

ඔව අයදුම්කරුවන්ට එක් විෂයක් හෝ විෂයන් කිහිපයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබාදී ඇත.

(විභාගය සම්පුර්ණ නොකර) විභාගයෙන් සමහර විෂයන්ට පමණක් පෙනීසිට සමත්ව ඇත්නම් එම අයදුම්කරුවන් සමස්ත විභාගය සම්පූර්ණ කිරීමෙන් තොරව සමත්වන සමහර විෂයන්හි විෂය සාමාර්තයන් ඉදිරියට ගෙනයාමට අවසර ලබාදේ. (ඉදිරියේදී් පැවැත්වෙන විභාග සඳහා වලංගු වේ)

විභාග ක්‍රියාපටි පාටියට අනුව විභාගයට පෙනී සිටිනවාර ගණන සීමා කර නොමැත.

කිසිදු හේතුවක්මත නැවත මුදල් ලබාදීම සිදු නොකරයි.

පහත මධ්‍යස්ථාන වල විභාග පැවැත්වේ.

විභාග මධ්‍යස්ථාන
Executive Level Colombo, Kandy, Galle, Rathnapura, Kurunegala, Anuradhapura, Jaffna and Kalmunai
Business and Corporate Level Colombo, Qatar and Maldives.
KC5-Corporate Strategy & Contemporary Issues – Assignment/Case Study Colombo
SE1-Executive Communication & People Skills Colombo, kandy, Kurunegala, Jaffna, Galle

විභාග ඇතුළත් වීමේ පත්‍රිකාවේ යම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවකට පෙනී සිටින මධ්‍යස්ථානය සහ එහි මධ්‍යස්ථාන අංකය සටහන්කර ඇත.

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ විභාග ප්‍රතිඵල ආයතනයේ වෙබ් අඩවියෙහි ප්‍රචාරණයකර ඇත.
  • එක් එක් අපේක්‍ෂකයන්ට ඔවුන්ගේ ප්‍රතිඵල දන්වා ලිපියක් යවනු ලැබේ.

ඔව්. පළමුවර විභාගයට පෙනීසිටි අයදුම්කරුවන් ඉහළ ලකුණු ලබාගෙන තිබේ නම් ඔවුුන්ට කුසලතා ත්‍යාගයක් සහ සහතිකයක් හිමිවේ.

ප්‍රථමවර උත්සාහයේදීම සෑම විෂයකටම ඉහළම ලකුණු ලබාගත් අයදුම්කරුවන් විෂය ත්‍යාගයන්ට සුදුසුකම් ලබයි.

කේතය ගෙවීම් විස්තර විභාග ගාස්තු
EX01
Exam Fees Executive Level Rs 1700 per paper
EX02
Business Level Rs 3000 per paper
EX03 Corporate Level –KC1 to KC4 Rs 4500 per paper
EX05 Corporate Level - KC5 Rs 5000 per paper
EX07 SE1-Executive Communication & People Skills
Rs 2500

ඔව්. අවසන් දිනට පසුව අයදුම්කරන අයදුම්කරුවන් 50% ක අමතර මුදලක් ගෙවිය යුතුය. එම නිසා ප්‍රමාදවීම් වළක්වා ගන්න.

විභාග අංශය

දුරකථන අංක - 011 2352000 දිගුඅංක. 1017, 1018, 1019 සහ 1020
ඊ මේල් - මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

ඊ මේල්, වෙබ් අඩවියෙන්, දුරකථන ඇමතුම් ඔස්සේ ඇතුළත්වීමේ අංකය ලබානොදෙන අතර අයදුම්කරුවන් විසින් විභාග අයදුම්පත්‍රය සමග අංකය සුරක්ෂිතව තබා ගත යූතුය.

පිළිතුරු පත්‍ර නැවත සමීක්‍ෂණය නොකරයි.