Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

පහසුකම්

ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ආයතනය පහසුකම් රාශියක් සලස්වා ඇත.

මගපෙන්වීම

අධ්‍යාපන සහ පුහුණු අංශයේ ප්‍රධානියා හෝ පුහුණු කටයුතු භාර කළමනාකරු‍ හෝ අධ්‍යයන කටයුතු භාර කළමනාකරු හෝ විමසීමෙන් කල් ඇතිව ලබාගත් හමුවීමේ අවසරය ඇතිව ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවනට අධ්‍යයන කටයුතු හෝ පුහුණුව ගැන මාර්ගෝපදේශ ලබා ගත හැක.

අධ්‍යයන ශාලා

වෙනත් ආයතනික කටයුතුවල යොදවා නැති කල්හී අධ්‍යයන ශාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා විවෘතව පවතී.

පුස්තකාල පහසුකම්

ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සඳහා පවතින ආයතනයේ පුස්තකාලයෙහි පහසුකම් ඉතා හොඳ බව ආයතනය ආඩම්බරයෙන් ප්‍රකාශ කරයි.

ප්‍රසිද්ධ නිවාඩු දින හැර අන් හැම දිනකම පෙ.ව. 8.00 සිට ප.ව. 7.00 දක්වා පුස්තකාලය සදුදා විවෘතව පවතී. සියළුම ලියාපදිංචි ශිෂ්‍ය ශිෂ්‍යාවනට විමර්ශන කටයුතු සඳහා පුස්තකාලයෙන් ප්‍රයෝජන ගත හැක. මධ්‍යම විභාගයෙන් සමත් වූ අයට හෝ එම විභාගය සමත් වීමේ අවශ්‍යතාවයෙන් නිදහස් කළ අයට, තම සේවා යෝජකයා හෝ අධීක්ෂණ සාමාජික හෝ ආයතනයේ කවර සාමාජිකයෙකු හෝ ඇප වන්නේ නම්, පොත් ආපසු ගෙනවිත් දෙන පදනම මත බැහැර ගෙන යාහැක.

එසේ පොත් බැහැර ගෙන යාමේ අයිතිය ආරම්භයේ දී අවුරුදු 02කට සීමා වන අතර ඉන් පසු එම අයිතිය අවුරුදු 02 කාල පරිච්ඡේදය සඳහා උපායමාර්ගික II විභාගය සමත් වන තුරු අළුත් කර ගත හැක. එකවර පොත් 02කට වැඩි නොවන ගණනක් සති දෙකක කාලයක් සඳහා බැහැර ගෙන යාහැක.

ආපන ශාලාව

ශිෂ්‍ය ශිෂ්‍යාවන්, සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලයේ ප්‍රයෝජනය පිණිස නූතන මාදිලියේ ආපන ශාලාවක් ආයතනයෙහි පැවැත්වේ.