Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය

L.A. Weerasinghe Scholarships

Scholarships for Strategic Level Trainees

ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතා සහ හැකියාවන් පදනම් කොට ගෙන ඔවුන්ගේ යහපත පිණිස ශිෂ්‍යත්ව රාශියක් පිරිනමයි.

ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම

  • එල්.ඒ. වීරසිංහ ශිෂ්‍යත්ව අරමුදල

අරමුණ

මූල්‍ය අග හිගකම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවනට ආයතනයේ අධ්‍යයන කටයුතු නිම කිරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම.

ඉල්ලුම් පත්‍ර එවන ක්‍රමය

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ CAB 1 විභාගය සාර්ථක ලෙස අවසන් කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ද, අවම වශයෙන් GCE (උසස් පෙළ) විභාගයෙන් සාමාන්‍ය සාමාර්ථයන් 03ක් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ද, පුවත් පත් දැන්වීම් මගින් ආයතනය විසින් ඉල්ලුම් පත් කැඳවනු ලැබේ.
  • අයදුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ආදායම් තත්වය නිශ්චය කිරීම පිණිස ඔහු / ඇයගේ ඒකාබද්ධ පවුල් ආදායම සම්බන්ධව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සහතික කළ සහතිකයක් ඉල්ලුම් පත්‍රය සමග එවිය යුතුය.

යෝජනා ක්‍රමයට අදාළ කොන්දේසි සහ ප්‍රතිලාභ

1. ශිෂ්‍යත්වයට අදාළ වන කාල සීමාව

ආරම්භයේ දී වාර්ෂිකව අළුත් කළ හැකි පරිදි වසරකට ශිෂ්‍යත්වය පිරිනැමේ. මෙම ආරම්භක වසරේ දී විභාග සාර්ථක ලෙස නිම කර ඇත්නම් ඔහුට / ඇයට තවදුරටත් ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබා ගත හැක.

2. ආයතනයේ විභාග සමත්වීම

එක් විභාග මට්ටමක් සමත්වීම සඳහා ප්‍රයත්නයන් දෙකකට පමණක් ඉඩ ලැබෙනු ඇත.

3. ශිෂ්‍ය/ශිෂ්‍යාවන් රැකියාවක නියුතු නොවී පූර්ණ කාලීනව අධ්‍යයන කටයුතු සහ පුහුණු කටයුතුවල නිරත විය යුතුය.

4. ප්‍රතිලාභ

යෝජනා ක්‍රම‍ය යටතේ ප්‍රතිලාභ

  1. ආයතනයේ සියළුම අනිවාර්ය ගාස්තුවලින් නිදහස් කිරීම : ලියාපදිංචි ගාස්තුව, අධ්‍යයන පාඨමාලා (පැකේජ), ආයතනයේ දේශන ගාස්තු, අනිවාර්ය පාඨමාලා ගාස්තු, පුහුණු සටහන් පොත්, පුහුණු ගිවිසුම් ගාස්තු, විභාග ගාස්තු (ප්‍රයත්න දෙකක් සඳහා පමණයි).
  2. CAB II විභාගය අවසන් කිරීම සහ පුහුණුව ආරම්භ කිරීම සමග ශිෂ්‍යත්ව කාලය තුළ මසකට රු. 3,000/-ක දීමනාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගෙවනු ඇත.

වසරකට පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 12කි.

  • කුසලතා ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය

අරමුණ

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විභාගවලට පෙනී සිට උසස්ම මට්ටමේ සාමාර්ථයන් ලබා ගත්, ජාතික, කලාපීය සහ පාසල් මට්ටමේ දී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වූ, ශිෂ්‍ය ශිෂ්‍යාවනට තම මූල්‍ය දුෂ්කරතා ජයගැනීමට උදව් කිරීම තුලින් වරලත් ගණකාධිකාරී වෘත්තීය සඳහා යොමු කිරීම, මෙම යෝජනා ක්‍රමයේ පරමාර්ථයයි.

ඉල්ලුම් පත් එවන පිළිවෙල

ඉහත සඳහන් සුදුසුකම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පුවත් පත් මගින් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

1. ශිෂ්‍යත්වයට අදාළ වන කාල සීමාව සහ කොන්දේසි

ආරම්භයේ දී වාර්ෂිකව අළුත් කළ හැකි පරිදි වසරකට ශිෂ්‍යත්වය පිරිනැමේ. මෙම ආරම්භක වසරේ දී විභාග සාර්ථක ලෙස නිම කර ඇත්නම් ඔහුට / ඇයට තවදුරටත් ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබා ගත හැක.

2. ආයතනයේ විභාග සමත්වීම

එක් විභාග මට්ටමක් සමත්වීම සඳහා ප්‍රයත්නයන් දෙකකට පමණක් ඉඩ ලැබෙනු ඇත.

3. ශිෂ්‍යා / ශිෂ්‍යාවන් රැකියාවක නියුතු නොවී පූර්ණ කාලීනව අධ්‍යයන කටයුතු සහ පුහුණු කටයුතුවල නිරත විය යුතුය.

4. ප්‍රතිලාභ

යෝජනා ක්‍රම‍ය යටතේ ප්‍රතිලාභ

  1. ආයතනයේ සියළුම අනිවාර්ය ගාස්තුවලින් නිදහස් කිරීම : ලියාපදිංචි ගාස්තුව, අධ්‍යයන පාඨමාලා (පැකේජ), ආයතනයේ දේශන ගාස්තු, අනිවාර්ය පාඨමාලා ගාස්තු, පුහුණු සටහන් පොත්, පුහුණු ගිවිසුම් ගාස්තු, විභාග ගාස්තු (ප්‍රයත්න දෙකක් සඳහා පමණයි).
  2. CAB II විභාගය අවසන් කිරීම සහ පුහුණුව ආරම්භ කිරීම සමග ශිෂ්‍යත්ව කාලය තුළ මසකට රු. 3,000/-ක දීමනාවක් ශිෂ්‍ය ශිෂ්‍යාවනට ගෙවනු ඇත.

වසරකට පිරිනමන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 30කි.

උසස් පෙළ ගණිතය සහ විද්‍යා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිරිනමන විශේෂ ශිෂ්‍යත්ව.

උසස් පෙළ මට්ටමේ දී ගණිතය සහ විද්‍යා ධාරාවන්හී වඩා හොඳ ප්‍රතිඵල ලබා ඇති, ජාතික සහ පාසල් මට්ටමේ දී විෂය බාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වූ ශිෂ්‍ය ශිෂ්‍යාවනට වරලත් ගණකාධිකාර‍ වෘත්තීයට එක්වීමට දෙන අනුබලයක් වශයෙන් මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

ඉල්ලුම් පත්‍ර එවන ක්‍රමය

ඉහත සඳහන් සුදුසුකම් ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් පුවත් පත් මගින් ඉල්ලුම් පත් කැඳවනු ලැබේ.

1. ශිෂ්‍යත්වයට අදාළ වන කාල සීමාව සහ කොන්දේසි

ආරම්භයේ දී වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි වසරකට ශිෂ්‍යත්වය පිරිනැමේ. මෙම ආරම්භක වසරේ දී විභාග සාර්ථක ලෙස නිම කර ඇත්නම් ඔහුට / ඇයට තවදුරටත් ශිෂ්‍යත්ව ප්‍රතිලාභ ලබා ගත හැක..

2. ආයතනයේ විභාග සමත්වීම

ශිෂ්‍යත්වය පිරිනැමූ වසර තුළ අදාළ විභාග මට්ටම සමත්වීම සඳහා ප්‍රයත්නයන් දෙකකට පමණක් ඉඩ ලැබෙනු ඇත.

3. ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැකියාවක නියුතු නොවී පූර්ණ කාලීනව අධ්‍යයන කටයුතු සහ පුහුණු කටයුතුවල නිරත විය යුතුය.

4. ප්‍රතිලාභ

යෝජනා ක්‍රම‍ය යටතේ ප්‍රතිලාභ

  1. ආයතනයේ සියළුම අනිවාර්ය ගාස්තුවලින් නිදහස් කිරීම : ලියාපදිංචි ගාස්තුව, අධ්‍යයන පාඨමාලා (පැකේජ), ආයතනයේ දේශන ගාස්තු, අනිවාර්ය පාඨමාලා ගාස්තු, පුහුණු සටහන් පොත්, පුහුණු ගිවිසුම් ගාස්තු, විභාග ගාස්තු (ප්‍රයත්න දෙකක් සඳහා පමණයි).

Scholarship Application Forms 2014

Download Application for L. A. Weerasinghe Scholarships 2014

Download Application for Merit Scholarships 2014

Download Application for Strategic Level Scholarships 2014