Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

වරලත් ගණකාධිකාරීවරයෙකු වන්නේ ඇයි?

තරඟකාරිත්වය තියුණු වන මෙම යුගයෙහි ව්‍යාපාරකරණය, මූල්‍යය සහ කළමනාකරණය ඇතුළත් පුළුල් විෂය පථය ගැන, එක විෂයකට සීමා නොවන විපුල දැනුමක් ඔබට ලබා දී, ඔබගේ වෘත්තීය අභිවෘද්ධිය සලසා දීමට වරලත් ගණකාධිකරණ සුදුසුකම සැලසුම් කරන ලදී.

වරලත් ගණකාධිකාරීවරයා

වරලත් ගණකාධිකාරීවරයා ගිණුම්කරණය, විගණනය, කළමනාකරණ ගිණුම්කරණය, තොරතුරු තාක්ෂණය, බදුකරණය, සංස්ථානික සහ වාණීජ නීතිය, මූල්‍ය කළමනාකරණය, කළමනාකරණය, අර්ථශාස්ත්‍රය සහ වෙනත් සබැඳි විෂයයන් ගැන විපුල දැනීමක් ඇති ගිණුම්කරණ ක්ෂේත්‍රයෙහි නියුතු වෘත්තිකයෙකි.

වර්තමානයේ වරලත් ගණකාධිකාරීවරයෝ, රාජ්‍ය සහ පෞද්ගලික ක්ෂේත්‍රයන්හී ඉහළම තනතුරු දරති. ශ්‍රී ලංකාව සහ පිටරටවල වරලත් ගණකාධිකාරීවරුන් සහ කළමනාකරණ උපදේශකයන් හැටියට ඔවුහු සේවය කරති. වරලත් ගණකාධිකාරීවරුන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෝ වෙති.

වෘත්තීය බලාපොරොත්තු

මෑත කාලයේ සිට වරලත් ගණකාධිකාරීවරුන් සඳහා පවතින ඉල්ලුම වේගයෙන් වැඩි වී ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන්හී අඛණ්ඩව වැඩි වෙමින් පවතින පුළුල් පරාසයකට අයත් කටයුතුවල නියුතු ආයතන, වරලත් ගණකාධිකාරීන්ගේ සේවය ඉතා ඕනෑකමින් ලබා ගැනීමට උත්සාහ දරති. ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්ගේ නිපුණතා සහ විශේෂඥතාවය ලොව පුරා පිළිගැනීමට ලක්ව ඇත. දැනට මුළු සාමාජිකත්වයෙන් සියයට 27%ක් ම විදේශ රටවල සේවාවක් ඉටු කරති.

එබැවින් වරලත් ගණකාධිකරණය වෘත්තීයක් ලෙස තෝරා ගන්නා අයගේ අනාගතය ඉතා යහපත් බව බොහෝ හෙයින් පැහැදිලි වේ.

ඔවුන්ගේ සේවය සඳහා ඉහළ යමින් තිබෙන ඉල්ලුම හේතු කොටගෙන, මෑත කාලයේදී වරලත් ගණකාධිකරීවරුන්ගේ සාමාන්‍ය ආදායම / චේතනයෙන් සීඝ්‍ර වැඩිවීමක් ඇති වී තිබේ. ඒ අනුව තම විභාග සහ පුහුණුව සාර්ථක ලෙස නිමකල ශිෂ්‍යයෙකුට ශිෂ්‍යාවකට ඉහල වැටුප් තලයක් අපේක්ෂා කල හැකිය.

ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරීන්

කොළඹ කොටස් වෙළෙඳ පළෙහි ඉහළම මට්ටමෙහි පවතින වෙළෙඳ සමාගම් 50 අතුරෙන් සියයට 60%ක, සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හෝ මූල්‍ය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ වෙළෙඳ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලයන්හී මහඟු කාර්යභාරයක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෝ ඉටු කරති.

සුදුසුකම

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පිරිනමන ලොව පුරා පිළිගැනීමට පාත්‍ර වූ සුදුසුකම, ගිණුම්කරණය මෙන්ම ගිණුම්කරණය අයත් නොවන ක්ෂේත්‍ර ගැන ද පූර්ණ අවබෝධයක් ශිෂ්‍ය / ශිෂ්‍යාවන්ට ලබා දෙයි.

ලබාදෙන විස්තීර්ණ පුහුණුව සහ මුඳුන් පෙළ අභ්‍යාස හේතු කොට ගෙන ඔබට විශ්ව පිළිගැනීමට පාත්‍ර වන වෘත්තිකයෙක් බවට පත්විය හැක.

සේවාදායකයෝ ආශ්‍රිත වරලත් ගණකාධිකාරීන් වත්කම් හැටියට සලකති. එම සමාගම් පෙරමුණ ගනිමින් දීර්ඝ කාලීන ව්‍යාපාරික සාර්ථකත්වයෙහි ඉදිරියට යා හැකි උපායමාර්ගය අන් අයට ද පෙන්වන කල්හී, වරලත් ගණකාධිකාරීන් සේවයෙහි යෙදවීම ආයෝජනයක් ලෙස සලකනු ඇත.