Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

රාජ්‍ය අංශයේ ආයතන නවයක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ (APFASL) වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී විශිෂ්ටතා දක්වයි

ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

විශ්ව විද්‍යාල, අමාත්‍යාංශ, ව්‍යවස්ථාපිත මණ්ඩල, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු රාජ්‍ය අංශයේ ආයතන නවයක් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද 2019 තුන්වන විශිෂ්ට වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ප්‍රදානෝත්සවයේදී විශිෂ්ට ප්‍රමිතියේ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ඇගයීමට ලක් විය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න සහ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න මහත්වරුන්ගේ ගෞරවනීය සහභාගිත ව් යෙන් 2019 ඔක්තෝබර් 25වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති මෙම සම්මාන උළෙලේදී සමස්ත වශයෙන්රා ජ්‍ය අංශයේ ආයතන 22ක් ඇගයීමට ලක් විය.

Mr. Udaya R. Seneviratne, Secretary to the President and Mr. Gamini Seneviratne, Secretary to the Ministry of Internal & Home Affairs and Provincial Councils & Local Government flanked by officials of CA Sri Lanka and APFASL.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස විනිශ්චයට ලක් වූ අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය මොරටුව විශ්ව විද්‍යාලය විසින් සහ තෙවන ස්ථානය පේරාදෙනිය විශ්ව විද්‍යාලය විසින් හිමි කර ගන්නා ලදි.

පර්යේෂණ ආයතන කාණ්ඩයේ ජය ජාතික විද්‍යා පදනමට හිමි වූ අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයට (NERD) සහ තෙවන ස්ථානය කාර්මික තාක්ෂණික ආයතනයටත් හිමි විය.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය ව්‍යවස්ථාපිත මණ්ඩල කාණ්ඩයේ සම්මානය හිමි කරගත් අතර එහි දෙවන ස්ථානය පොල්් වගා කිරීමේ මණ්ඩලයටත් තෙවන ස්ථානය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියටත් හිමි විය.

අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය, අමාත්‍යාංශ කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස විනිශ්චයට ලක් වූ අතර දෙපාර්තමේන්තු කාණ්ඩයේ ජය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිමිකර ගන්නා ලදි.

පලාත් සභා කාණ්ඩයේ ජය උතුරු පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය විසින් හිමිකර ගන්නා ලද අතර එහි දෙවන ස්ථානය උතුරු මැද පලාතේ ප්‍රධාන ලේකම් කාර්යාලයටද තෙවන ස්ථානය නැගෙනහිර පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලයටද හිමි විය.

නගර සභා කාණ්ඩයේ ප්‍රධාන සම්මානය හිමි වූයේ බලංගොඩ නගර සභාවටය. එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් වව්නියාව නගර සභාව සහ කලුතර නගර සභාව විසින් හිමිකර ගන්නා ලදි. දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව මහ නගර සභා කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර කොළඹ මහ නගර සභාව එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදි.

ප්‍රාදේශීය සභා කාණ්ඩයෙන් නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව ජයග්‍රාහකයා බවට පත් වූ අතර කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවට එහි දෙවන ස්ථානයත්, පස්සර ප්‍රාදේශීය සභාවට තෙවන ස්ථානයත් හිමි විය. අඛණ්ඩව තෙවන වරටත් ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද විශිෂ්ට වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන ප්‍රදානයේ පරම අරමුණ වන්නේ මූල්‍ය වාර්තාකරණයේ විනිවිද භාවය සහ වගකිවයුතු භාවය වැඩිදියුණු කිරීම සඳහා සහාය ලබා දෙමින් රාජ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කරනු ලබන වාර්ෂික වාර්තාවන් හී ප්‍රමිතියේ ගුණාත්මක බව ඉහළ නැංවීමය.

Winners of the third Best Annual Report & Accounts Awards 2019 of CA Sri Lanka’s APFASL with officials of CA Sri Lanka, APFASL and special invitees.

මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ රාජ්‍ය අංශයේ ගණකාධිකාරිවරු සහ විගණන නිලධාරීන් 32 දෙනෙකු සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය (APFASL) සහ ලන්ඩනයේ වරලත් රාජ්‍ය මූල්‍ය හා ගිණුම්කරණ ආයතනය (CPFA) විසින් සංවර්ධිත (CPFA) සුදුසුකම ප්‍රදානය කරන කිරීමේ වාර්ෂික වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සමුළුවට සමගාමීවය. CPFA සුදුසුකම පිරිනැමීමේ අපේක්ෂාව වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරිම සඳහා උපකාර කිරිමය.

A section of the public sector accountants and auditors who were conferred with the Chartered Public Finance Accountancy (CPFA) qualification.

Mr. Gamini Seneviratne, Secretary to the Ministry of Internal & Home Affairs and Provincial Councils & Local Government conferring the CPFA qualification to a public sector accountant in the presence of Mr. Udaya R. Seneviratne, CA Sri Lanka President Mr. Jagath Perera and APFASL President V. Kanagasabapathy.

Mr. Udaya R. Seneviratne, Secretary to the President awarding a certificate to a representative of a public sector institution which excelled at the Public Sector Best Annual Reports & Accounts Awards 2019 in the presence of CA Sri Lanka President Mr. Jagath Perera and APFASL President V. Kanagasabapathy.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා මහතා ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමය පිහිටුවන ලද දින පටන්ම රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණ නිලධාරින්ගේ ස්ථාවරත්වය ගොඩනැංවීම සඳහා විවිධ වැඩසටහන් පවත්වමින් විශාල භූමිකාවක නිරත වූ අතර සංවර්ධනය වෙමින් පවතින ඕනෑම ආර්ථීකයක පදනම ලෙස පිළිගැනෙන යහ පාලනය, විනිවිද භාවය සහ වගකිවයුතු භාවය ආදිය ප්‍රවර්ධනය කිරීම සඳහාද දැවැන්ත මෙහෙයක් සිදු කළ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරී සංගමයේ (APFASL) සභාපති වී. කනගසභාපති මහතා තම අදහස් දක්වමින් රටේ ආර්ථීකයේ සාර්ථකත්වය රඳා පවතින්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය මත බව පැවසීය. "ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය ලෙස APFASL හි මූලික අරමුණ වන්නේ විශිෂ්ටතම ජාත්‍යන්තර පරිචයන් හා ගැළපෙන පරිදි රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්ය මණ්ඩලය වෘත්තීයකරණය කිරීම ඔස්සේ මෙරට රාජ්‍ය මූල්‍ය කළමනාකරණ භාවිතයන් ශක්තිමත් කිරීමයි." ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

LAST_UPDATED2