Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව වරලත් ගණකාධිකාරිවරු 269 දෙනෙක් ආයතනික ලොව පෙරමුණ ගැනීමට සූදානමින් - සාමාජිකයින් 225 දෙනෙකු සඳහා වාර්ෂික උපාධි ප්‍රදානෝස්සවයේදී FCA තත්වය ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය (CA Sri Lanka) ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වන ආශ්‍රේය වරලත් ගණකාධිකාරී (ACA) පදවි නාමය ආයතනික ලොව පෙරමුණ ගැනීම සඳහා බලගන්වමින් නව වරලත් ගණකාධිකාරීවරු 269 දෙනෙකු වෙත ප්‍රදානය කරන ලදි.

New ACAs and FCAs of CA Sri Lanka

L to R: CA Sri Lanka Secretary Mr. Prasanna Liyanage, CEO Ms. Dulani Fernando, Immediate Past President Mr. Lasantha Wickremasinghe, Council Member Mr. Laknath Peiris, State Minister of Finance Mr. Eran Wickramaratne, Chief Executive Officer of National Development Bank Mr. Dimantha Seneviratne, CA Sri Lanka President Mr. Jagath Perera, Chairman of the Member Relations Committee Mr. Sanjaya Bandara and Past President Prof. Lakshman R. Watawala.

2019 ඔක්තෝබර් 02 වන දින පැවති ආයතනයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී නව වරලත් ගණකාධිකාරීවරු 269 දෙනෙකුට ඔවුන්ගේ සමාජිකත්වය හිමි විය. මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර ජාතික සංවර්ධන බැංකුවේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී දිමන්ත සෙනෙවිරත්න මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගි විය.

CA Sri Lanka President Mr. Jagath Perera conferring the ACA designation to a new Chartered Accountant in the presence of State Minister of Finance Mr. Eran Wickramaratne and Chairman of the Member Relations Committee Mr. Sanjaya Bandara. CA Sri Lanka President Mr. Jagath Perera conferring the ACA designation to a new Chartered Accountant in the presence of Chief Executive Officer of National Development Bank Mr. Dimantha Seneviratne and Chairman of the Member Relations Committee Mr. Sanjaya Bandara.


උපාධි ප්‍රදානෝත්සවයේදි ආයතනයේ සාමාජිකත්වය දරමින් සිටි සාමාජිකයන් 225 දෙනෙකු ඔවුන්ගේ වෘත්තීය ජීවිතවල ඉහළ තලයකට ඔසවා තබමින් ඔවුන් වෙත කීර්තිමත් 'වරලත් ගණකාධිකාරී සම්මාන සාමාජිකත්වය' (FCA) තත්වය ප්‍රදානය කරන ලදි.

Chairman of the Member Relations Committee Mr. Sanjaya Bandara conferring the FCA designation to a member in the presence of CA Sri Lanka President Mr. Jagath Perera and Secretary Mr. Prasanna Liyanage.

වික්‍රමරත්න මහතා තම සුභාශිංසනාත්මක පණිවිඩයේදී සඳහනක් කරමින් ආයතනය මගින් බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ගේ වෘත්තීය සිහින සැබෑ කරගැනීම සඳහා මෙන්ම තමන් කැමති වෘත්තීන්වල සැලසුමක් සහිතව නිරතව සිටීම සඳහාද අවස්ථාව සලසා දෙන බව පැවසීය. "මෙම සුදුසුකම් වලින් සන්නද්ධව ශ්‍රම බලකාය වෙත පිවිසෙන නව වරලත් ගණකාධිකාරීවරුන් වන ඔබ රටේ උන්නතිය වෙනුවෙන් ඔබ හැදෑරූ දැනුම සහ මෙම සුදුසුකම මගින් ඔබට පිරිනමන ලද තත්වය භාවිතා කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ ඔබේ රැකියාවන් වෘත්තීය නිපුණත්වයකින් මෙන්ම ඉතා යහපත්ව කරගෙනු යනු ඇතැයිද මා බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි, ඔබ කරනු ලබන වෘත්තිය සහ එය සිදුකරනු ලබන ආකාරය දෙස ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් කරනු ලබන ආයෝජනයක් ලෙස බලනු ඇතැයිද මා සිතනවා." ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙරේරා මහතා මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරීවරු යනු ́ඕනෑම ව්‍යාපාරයක් ඉතා සාර්ථක ලෙස මෙහෙයවීමේ හැකියාව සහිත ජාත්‍යන්තර තලයේ වෘත්තිකයන්ගේ සන්නාමයක් බව සඳහන් කළේය. "ආයතනයේ සාමාජිකයන් ලෙස ඔබ සියලු මහාද්වීප හරහා ගෝලීය සැරිසැරුමකට අවස්ථාව උදාකරගන්නා අතර ඒ අනුව අද සිට සාර්ථකත්වය සඳහා ඔබ ගෝලිය ගමන් බලපත්‍රයක් හිමිකර ගන්නා බවට එය කදිම සාක්ෂියක්." පෙරේරා මහතා සඳහන් කළේය. තම ආයතනය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්ව ඇති ලොව ප්‍රම ඛු තම වෘත්තීය ආයතන සමග ගිවිසුම්ගත වෙමින් තම සාමාජිකයන්ගේ ගෝලීය ස්ථාවරය වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

සෙනෙවිරත්න මහතා උත්සව සභාව අමතමින් නව චින්තනයන් සහ නව තාක්ෂණයන් එකට මුසු කරමින් තම වෘත්තීය භූමිකාවන් තුළින් වටිනා දායකත්වයක් ලබාදීම සඳහා ක්‍රියාකාරී මෙහෙවරක නිරත වන ලෙස වරලත් ගණකාධිකාරීවරුන්ගෙන් මහත් ඕනෑකමකින් ඉල්ලා සිටියේය. "පසුගිය වසර 60ක කාලය තුළ ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මූල්‍ය ගිනුම්කරණ විනයක් හැඩගැස්වීමට සහ නිර්වචනය කිරීමට සමත් ඉතා විචක්ෂණශීලී වරලත් ගණකාධිකාරීවරු බිහිකිරීම සඳහා සුවිශේෂී මෙහෙවරක්ඉ ටු කළ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වෙත මගේ ප්‍රශංසාව පුද කිරීමටත් මා මෙය අවස්ථාවක් කර ගන්නවා." ඒ මහතා පැවසීය.

සාමාජික සම්බන්ධතා කමිටු සභාපති සංජය බණ්ඩාර මහතා අදහස් දක්වමින් සාර්ථකත්වය කරා එළඹීම සඳහා වෘත්තීයේ යහපත් බව සහ සදාචාරයන් පවත්වා ගනිමින් කටයුතු කිරීමේ වැදගත්කම ආශ්‍රේය සහ සම්මාන සාමාජිකයන්ට අවධාරණය කළේය. "වරලත් ගණකාධිකාරීවරු තම වෘත්තීය වෙනුවෙන් මෙන්ම අපේ ජාතිය වෙනුවෙන්ද දරන වගකීම ඉතා විශාලයි. එබැවින් තම සාමාජිකත්වය ලද මෙම නව සාමාජිකයන් අපේ වෘත්තයේ වැදගත්කම ශ්‍රී ලංකාව පුරා මෙන්ම ගෝලීය වශයෙන්ද ව්‍යාප්ත කිරීමට සහායවීම සඳහා වැදගත් භූමිකාවක නිරත වන බව මට විශ්වාසයි." යනුවෙන් වැඩිදුරටත් පැවසූ බණ්ඩාර මහතා ආයතනයේ ආදර්ශවත් තත්වය ආරක්ෂා කරගැනීම සඳහා බලවත් භූමිකාවක නිරත වන මෙන් නව සාමාජිකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.