Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

අධ්‍යාපන අංශය

අධ්‍යාපන අංශයේ ක්‍රියාකාරකම්

  • විෂය මාලා සැකසීම.
  • වරලත් ගණකාධිකාරී විෂයමාලා/අධ්‍යයන වැඩසටහන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම.
  • ලේඛනය, අධ්‍යයන ග්‍රන්ථ ප්‍රකාශනය, පුහුණු සහ පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටල සැකසීම ඇතුළු වරලත් ගණකාධිකාරී විෂයමාලාව සඳහා අවශ්‍ය අධ්‍යයන උපකාරක සැකසීම සහ සංවර්ධනය කිරීම.
  • සිසුන් සඳහා සම්මන්ත්‍රණ (Seminars), වෙබිනා (Webinars), වීඩියෝ පටිගත කිරීම් (Video Recordings) සහ වැඩමුළු (Workshops) සංවිධානය කිරීම.
  • වරලත් ගණකාධිකාරී වැඩසටහන් සම්බන්ධයෙන් පෞද්ගලික ඉගැන්වීමේ මධ්‍යස්ථාන (Teaching Colleges) හා සම්බන්ධීකරණය.
  • ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම.
  • විෂය නිදහස් කිරීම් (exemptions) සම්බන්ධ ප්‍රතිපත්ති සැකසීම.
  • සිසුන් වෙනුවෙන් මාර්ගෝපදේශන හා උපදේශන වැඩසටහන් පැවැත්වීම.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අධ්‍යයන වැඩසටහන

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අධ්‍යයන වැඩසටහන පහත අයිතමයන්ගෙන් සමන්විත වේ.

  1. අධ්‍යයන ප්‍රකාශන - අධ්‍යාපනික අංශය විසින් සෑම මට්ටමක් සඳහාම අවශ්‍ය අධ්‍යයන ප්‍රකාශන ප්‍රකාශයට පත්කරන අතර අදාළ විභාගවලට පෙනී සිටීම සඳහා මෙම ප්‍රකාශන මිළට ගැනීම අනිවාර්යය වේ.
  2. පන්ති කාමර දේශන සහ ස්ව-අධ්‍යයනය - පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පැවැත්වෙන පන්ති කාමර දේශනවලට සහභාගීවීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කරනු ලැබේ. කෙසේ වුවද මෙය අනිවාර්යය අවශ්‍යතාවක් නොවේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අවශ්‍යතාවය මත විභාගවලට සූදානම් වීම සඳහා පන්ති කාමර දේශන සහ ස්ව-අධ්‍යයන ක්‍රමය තෝරා ගත හැකිය.
  3. සම්මන්ත්‍රණ සහ වැඩමුළු - අධ්‍යාපන/විභාග අංශ මගින් වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වයි. විභාගවලට සූදානම් කරවීමේ අවශ්‍යතාව පදනම් කරගත් මෙම සම්මන්ත්‍රණ හරහා විෂය පථය තුළ සිදුවී ඇති නවතම වෙනස්කම්, සිද්ධි අධ්‍යයන (Case Study) වැනි දෑ ආවරණය කරනු ලැබේ. එබැවින් සිසුන්ට මෙම සම්මන්ත්‍රණ හා වැඩමුළු සඳහා සහභාගී වන ලෙස දිරිමත් කරනු ලැබේ.

අධ්‍යයන කට්ටල මිල ගණන් - 2017

අධ්‍යයන කට්ටල සඳහා විමසීම්