Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටතම කෘතිය ඇගයීමේ අභිලාශයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය 55වන වාර්ෂික වාර්තා සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි.

මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ටතම කෘතිය ඇගයීමේ අභිලාශයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය 55වන වාර්ෂික වාර්තා සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවයි.

CA Sri Lanka President Mr. Jagath Perera and Chairman of the Annual Report Awards Committee Mr. Heshana Kuruppu unveils the new trophy of the Annual Report Awards competition in the presence of CA Sri Lanka’s Vice President Mr. Manil Jayesinghe, CEO Ms. Dulani Fernando, Secretary Mr. Prasanna Liyanage and Chairman of Colombo Stock Exchange Mr. Ray Abeywardena.

ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කෙරෙන විශිෂ්ටතම වාර්ෂික වාර්තා කෘතිය ගෞරව සම්මානයෙන් පිදීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය (CA Sri Lanka) දැන් 55වන වාර්ෂික වාර්තා තරගාවලිය වෙනුවෙන් ව්‍යාපාරික ආයතන වලින් අයදුම්පත් භාර ගැනීම අරඹා තිබේ.

Head table from L to F: CA Sri Lanka Vice President Mr. Manil Jayesinghe, Chairman of Annual Report Awards Committee Mr. Heshana Kuruppu, Chairman of Colombo Stock Exchange Mr. Ray Abeywardena, CA Sri Lanka President Mr. Jagath Perera, CSE CEO Mr. Rajeeva Bandaranaike, CA Sri Lanka’s CEO Ms. Dulani Fernando and Secretary Mr. Prasanna Liyanage.

අඩ සියවසකට වැඩි කලක් පුරා පැතිරුණු සාර්ථක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය විසින් සංවිධානය කරනු ලබන වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය, රටේ විවිධ ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හී විනිවිදභාවය, වගකිවයුතුභාවය, සමාජ වගකීම් සහ ආයතනික පාලනය ආදිය ප්‍රවර්ධනය කරනු ලබන මෙරට ඉතා වැදගත් ආයතනික තලයේ තරගාවලියකි.

මෙම තරගාවලිය සමූහ ව්‍යාපාර, බහු ජාතික සමාගම් ආදියේ සිට කෙටි කාලීන ප්‍රජා කණ්ඩායම් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සහ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර දක්වා වාර්ෂික වාර්තා සකස් කරනු ලබන සියලුම විශාල සහ කුඩා ව්‍යාපාර සඳහා විවෘත වේ. මේ සඳහා අයදුම් පත් භාර ගැනීම 2019 අගෝස්තු 31වන දිනෙන් අවසන් වේ. ආයතනය විසින් තරගාවලිය සඳහා අපේක්ෂා කෙරෙන්නේ 2018 දෙසැම්බර් 31වන දායින් අවසන් වූ වර්ෂය සඳහා පිළියෙල කරන ලද මූල්‍ය වාර්තාය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා මහතා ශ්‍රී ලංකාව සාර්ථක තිරසාරත්වයක් ලබමින් ඉහළ මධ්‍යම ආදායමක් කරා එළඹීමට අපේක්ෂා කරන්නේ නම් විනිවිදභාවය, වගකිවයුතුභාවය සහ ආයතනික පාලනය යන කරුණු අන් සියල්ලටම වඩා ප්‍රම ඛු බව සඳහන් කළේය. "එබැවින් සමාගම් වලට ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් වන ප්‍රමිතියකට අනුව විනිවිද භාවයකින් යුත් වාර්ෂික වාර්තා පිළියෙල කිරීම ඉතා වැදගත් වන අතර විශේෂයෙන් මේ කාලයේදී එය ඉතාමත් උචිත වෙනවා." පෙරේරා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

මීට වසර 55කට පෙර වාර්ෂික වාර්තා සම්මාන තරගාවලිය හඳුන්වා දුන් දින පටන් මෙරට කුඩා මෙන්ම විශාල ව්‍යාපාරද විනිවිද භාවය සහ වගකිවයුතුභාවය ප්‍රවර්ධනය කරමින් අඛණ්ඩව සහ නිරන්තරයෙන් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වන ආකාරයේ ප්‍රමිතියකින් ව්‍යාපාරවල නිරතවීම තහවුරු කිරීමට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය සමත් වූ බවද පෙෙර්රා මහතා පෙන්වා දුන්නේය. "මෙම තරගාවලියේ ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයකට පිවිස සිටින මේ වසෙර් මෙම කීර්තිමත් තරගාවලියේ ප්‍රතිලාභ නෙලා ගන්නා මෙන් මා සංවිධාන වලින් ඉල්ලා සිටින අතර එය ඔවුන්ට ජාතික මට්ටමෙන් සුවිශේෂත්වයක් අත්කර ගැනීමට පමණක් නොව, විශිෂ්ටත්වය කරා ගමනක යෙදීමට උත්සාහ දරන වගකීමෙන් යුත් ව්‍යාපාරික සංවිධානයක් ලෙස සමාගම් වලට තම ස්ථානය තහවුරු කරගැනීම සඳහාද ඛෙහෙවින් උපකාරී වනු ඇති." ඒ මහතා තව දුරටත් පැවසීය. වාර්ෂික වාර්තා සම්මාන කමිටු සභාපති හේෂාන් කුරුප්පු මහතා මෙම තරගාවලිය වසරින් වසර දියුණුවට පත්වෙමින් වසරක් පාසා ඒ සඳහා සහභාගිවන ආයතන සංඛ්‍යාවද ඉහළ යාම තුළින්ම එහි වැදගත් පිළිඹිබු වන බව සඳහන් කළේය. "පසුගිය වසෙර් මෙරට පිළිගත් ඉහළම පෙලේ සමාගම් වල සිට කෙටි කාලීන ලාභ නොලබන කුඩා සංවිධාන දක්වා ආයතන 130කින් අයදුම් පත් ලැබුණු අතර ඔවුන් තමන්ගේ විශිෂ්ට වාර්ෂික වාර්තා තුළන් මූල්‍ය වාර්තාකරණයේ විශිෂ්ට භාවිතයන් මහත් කැපවීමකින් යුතුව මැනවින් පිළිඹිබු කොට තිබුණා." කුරුප්පු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තරගාවලිය 55වන වසරට එළඹීමත් සමගින් ඊට අද්විතීය අනන්‍යතාවයක් එක් කිරීමට තීරණය කළ කමිටුව මෙම වසෙර් සිට සුවිශේෂී ලාංඡනයක් සහ කසලානයක් හඳුන්වාදීමට පියවර ගත් බවද කුරුප්පු මහතා තව දුරටත් පැවසීය. "මේ තුලින් මේ තරගාවලියේ අගය තවත් ඉහළ යනු ඇතැයි අප විශ්වාස කරනවා." යැයි සඳහන් කළ ඒ මහතා තරගාවලියේ කාලීන භාවය සහ අදාළත්වය පවත්වාගෙන යාම සඳහා නවතම ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුව ලකුණු ලබාදීමේ පිළිවෙල සහ අනෙකුත් අවශ්‍යතාවයන් යාවත්කාලීන කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම වසෙර්ද කටයුතු කළ බව පැවසීය.

සියලු අයදුම් පත් ඉතා තියුණු ලෙස ලකුණු ලබාදීමේ කාර්යාවලියකට ලක් කෙරෙන අතර ඒ සඳහා ලකුණු ලබාදීමේ පරීක්ෂක වරු 250ක්, වාණිජ ව්‍යාපාර, නියාමන අධිකාරි සහ විද්වත් ආයතන නියෝජනය කරන ක්ෂේත්‍ර විශේෂඥයන් සහ විනිසුරු මඩුල්ලකින් සමන්විත 40 ක පමණ පිරිසක්ද ඇතුළුව සමස්ත වශයෙන් 300 පමණ දෙනෙක් සහභාගි වෙති.

මූල්‍ය වාර්තාකරණය පිළිබඳ විශිෂ්ටතම කෘතිය ඉදිරිපත් කරන ආයතනය 'සමස්ත ජයග්‍රාහකයා' ලෙස ඇගයීමට ලක් කෙරෙන අතර මේ සඳහා බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, විවිධාංගිකරණ සමූහ ව්‍යාපාර, නිෂ්පාදන සමාගම්, ආහාර පාන සමාගම්, සෞඛ්‍ය රැකවරණ සහ වෙළඳ ආයතන, හෝටල්, මෝටර් වාහන සේවා, විදුලි සංදේශ සමාගම්, රාජ්‍ය බැංකු, ආහාර පාන සමාගම්, සෞඛ්‍ය රැකවරණ ආයතන, වෙළඳ සමාගම්, හෝටල් සමාගම්, රක්ෂණ සමාගම්, ඉඩම් හා දේපළ අලෙවි සමාගම්, නිෂ්පාදන සමාගම්, මෝටර් වාහන සමාගම්, සේවා සංවිධාන, විදුලි සංදේශ, මාධ්‍ය, රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථානුකූල මණ්ඩල, වැවිලි සමාගම්, ඉදිකිරීමේ සමාගම්, විදුලි හා බල ශක්ති සමාගම්, ලාභ නොලබන සංවිධාන (NPO) රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආදී අංශ 25ක් යටතේ මෙම තරගාවලිය සඳහා අයදුම් කළ හැක. මීට අමතරව තරගාවලියේදී 'කළමනාකරණ අර්ථ නිරූපණය', 'ආයතනික පාලන අනාවරණය', 'ආයතනික සමාජ වගකීම්', සඳහා සම්මානද 'ඒකීය වාර්තාකරණ' කාණ්ඩය යටතේ සම්මාන තුනක්ද ආයතන වෙනුවෙන් පිරිනැමෙනු ඇත.

මෙම වසරේ දෙසැම්බරයේ පැවැත්වෙන උත්සවයකදී ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කෙරේ.