Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

රාජ්‍ය අංශයේ ආයතන විශිෂ්ට ප්‍රමිතියේ මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමයේ වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වේ.

විශ්ව විද්‍යාල, අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු ඇතුළු ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ආයතන විශිෂ්ට ප්‍රමිතියේ මූල්‍ය වාර්තාකරණයක් වෙනුවෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශයේ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය (APFASL) විසින් සංවිධානය කරන ලද වසර 2018 විශිෂ්ට වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙලේදී ගෞරවයට පාත්‍ර විය.

මෙම සම්මාන උළෙලේදී රාජ්‍ය ආයතන 26ක් සමස්ත වශයෙන් ඇගයීමට ලක් වූ අතර විශ්ව විද්‍යාල, පර්යේෂණ ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා, නගර සභා, මහ නගර සභා සහ ප්‍රාදේශීය සභා ආදිය ආවරණය වන පරිදි සිදු කරන ලද කාණ්ඩ ගත කිරීම් යටතේ ප්‍රථම සම්මාන 9ක් දිනා ගැනීමට රාජ්‍ය අංශයේ ආයතන සමත් විය. මෙම උළෙල, ප්‍රධාන ආරාධිත අමුත්තන්ගේ ගෞරවනීය සහභාගිත්වයෙන් 2018 ඔක්තෝබර් 29 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

විශ්ව විද්‍යාල කාණ්ඩය යටතේ ජයග්‍රාහකයා ලෙස මොරටුව විශ්ව විද්‍යාලය තේරී පත් වූ අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය පේරාදෙනිය විශ්ව විද්‍යාලයටත් තෙවන ස්ථානය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයටත් හිමි විය. ඊට අමතරව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, වයඹ විශ්ව විද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය අනුකූලතා සහතික හිමිකර ගැනීමට සමත් විය.

පර්යේෂණ ආයතන කාණ්ඩය යටතේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූයේ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයයි. එහිි දෙවන ස්ථානය කර්මාන්තය තාක්ෂණික ආයතනය විසින් හිමිකරගන්නා ලදී. ව්‍යවස්ථාපිත මණ්ඩල කාණ්ඩයේ ජයග්‍රහණය අනුකූලතා තක්සේරු පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින්ද එහි දෙවන ස්ථානය සමුද්‍රීය පාරිසරික අධිකාරිය විසින්ද තෙවන ස්ථානය පොල් සංවර්ධන මණ්ඩලය විසින්ද හිමිකර ගන්නා ලදි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වූ අතර දෙපාර්තමේන්තු කාණ්ඩයේ ජය හිමි වූයේ සුරාබදු දෙපාර්තමේන්තුටය. එම කාණ්ඩයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිමි කරගන්නා ලදී.

පළාත් සභා කාණ්ඩය යටතේ උතුරු මැද පළාත ජයග්‍රහණය හිමි කරගැනීමට සමත්වූ අතර දෙවන ස්ථානය හිමි වූයේ උතුරු පළාතටය. නගර සභා කාණ්ඩය යටතේ බලංගොඩ නගර සභාව ජයග්‍රාහකයා ලෙස ඇගයීමට ලක් වූ අතර කළුතර නගර සභාව දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. මහ නගර සභා කාණ්ඩයේ ජය දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට හිමි වූ අතර එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි වූයේ මහනුවර මහ නගර සභාවටය.

ප්‍රාදේශීය සභා කාණ්ඩය යටතේ සමස්ත වශයෙන් සම්මාන 4ක් ආරම්පතිහි මන්මුණේ ප්‍රාදේශීය සභාව එහි ජයග්‍රාහකයා බවට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව එහි දෙවන ස්ථානයත් කරුවලගස් වැව තෙවන ස්ථානයත් හිමිකරගන්නා ලදි. නිකවැරටිය ප්‍රාදේශීය සභාව අනුකූලතා සහතිකයකින් පිදුම් ලැබුවේය.

අඛණ්ඩව දෙවන වසර සඳහාත් සංවිධානය කරන ලද විශිෂ්ටතම වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්මාන උළෙල පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම සඳහා, විශේෂයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය ( APFASL ) සහ ලන්ඩනයේ වරලත් රාජ්‍ය මූල්‍ය හා ගිණුම්කරණ ආයතන (CIPFA) විසින් සංවර්ධනය කරන ලද සුදුසුකම රාජ්‍ය අංශයේ ගණකාධිකාරිවරු සහ විගණක වෘත්තිකයන් වෙත ප්‍රදානය කෙරෙන වාර්ෂික වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ සමුළුවට සමගාමීවය.

මේ පිළිබඳව තම අදහස් දැක්වූ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති ජගත් පෙෙර්රා මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය රටේ ආර්ථීක සංවර්ධනය හා අභිවෘද්ධිය වෙනුවෙන් නිරතව සිටින ශක්තිමත් භූමිකාව පිළිබඳ නිරන්තරයෙන් අවබෝධයකින් පසුවන බව සඳහන් කළේය. එනිසා වැදගත් අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය සමග එක්ව සම්මාන උළෙල හා CPFA සුදුසුකම ආදිය ප්‍ර්‍රදානය කිරීම වැනි විවිධ නවෝත්පාදන ඔස්සේ මෙරට රාජ්‍ය අංශය සහ රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ කුසලතා හා ප්‍රවීණත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ආයතනය කටයුතු කරන බවද එA් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරි සංගමය (APFASL) හි සභාපති වී. කනගසභාපති මහතා අදහස් දක්වමින් ආයතනය විසින් විශිෂ්ටතම වාර්ෂික වාර්තා සහ ගිණුම් ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය දියත් කරන ලද්දේ රාජ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික වාර්තා හා ගිණුම්වල ගුණාත්මක භාවය වර්ධනය කිරීම තුළින් මූල්‍ය වාර්තාකරණයේ විනිවිද භාවය සහ වගකිවයුතු බව ඉහළ නැංවීම සඳහා මග පෑදීමේ අරමුණින් යුතුව බව පැවසීය.

CAPTIONS :

President of CA Sri Lanka Mr. Jagath Perera addressing the event.

President of APFASL, Mr. V. Kanagasabapathy speaking at the event.

A representative from the public sector organisation receiving the award from Mr. Uditha Palihakkara, Chairman of the Finance Commission of Sri Lanka. Also in the picture are Auditor General Mr. Gamini Wijesinghe, CA Sri Lanka’s President Mr. Jagath Perera and Secretary Mr. Prasanna Liyanage and President of APFASL, Mr. V. Kanagasabapathy.

A representative from the public sector organisation receiving the award from CA Sri Lanka President Mr. Jagath Perera

A representative from the public sector organisation receiving the award from Mr. Gamini Wijesinghe, Auditor General of Sri Lanka. Also in the picture President of APFASL, Mr. V. Kanagasabapathy