Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

වරලත් ගණකාධිකාරී ආයතනයේ 24 වන සභාපතිවරයා ලෙස ජගත් පෙරේරා පත්වෙයි

වසර 2018 පෙබරවාරි 8 වන දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්, නිලධාරීන් සහ ව්‍යාපාරික ලොව ප්‍රමුඛයන් රැසක් ඉදිරියේදී ජගත් පෙරේරා මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ 24 වන සභාපතිවරය ලෙස දිව්රුම් දෙන ලදි.

ගණකාධිකාරී වෘත්තිය තුළ ප්‍රධාන පෙළේ චරිතයක් වන ජගත් පෙරේරා මහතා අවදානම් උපදේශන සහ වෝහාරික ගිණුම්කරණය ආදී ක්ෂේත්‍ර ඇතුළුව සුවිශේෂී අත්දැකීම් රැසක් සහිත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සම සාමාජිකයෙකි. වර්තමානයේ ඔහු KPMG විගණන සමාගමේ කොටස්කරුවෙක් ලෙසද කටයුතු කරයි.

වසර 2010 සිට ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ උපදේශක මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අතර 2016-2017 දක්වා ආයතනයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළේය. එසේම ආයතනය තුළ ඔහු මෙහෙයුම් සමාලෝචන කමිටුව, විභාග කමිටුව, ශිෂ්‍ය පුහුණු සහ සංවර්ධන කමිටුව, SMP ධාරිතා ගොඩනැංවීමේ කාර්ය බලකාය, ආයතනයේ අභ්‍යාසලාභීන් සඳහා අවම දීමනා සමාලෝචන සහ ප්‍රායෝගික පුහුණු උපදේශන සංශෝධනය කිරීමේ උප කමිටු ආදියේ ප්‍රධානත්වයද දැරීය.

ආසියා පැසිපික් ගණකාධිකාරී සම්මේලනයේ (CAPA) රාජ්‍ය අංශ මූල්‍ය කළමනාකාර කමිටුවේ සහ දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) වෘත්තීය ආචාරධර්ම ස්වාධීන කමිටුව, සුළු හා මධ්‍ය භාවිතයන් පිළිබඳ කමිටුව හා තිරසාර සංවර්ධන අරමුණු කාර්ය බලකාය ආදියෙහි සාමාජිකත්වය දරමින් පෙරේරා මහතා ජාත්‍යන්තර ගිණුම්කරණ කරළියේ සැලකිය යුතු භූමිකාවක නිරතව සිටී. ඒ මහතා ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ (SLAASMB) අධ්‍යක්ෂවරයකු ලෙස මෙන්ම ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කොමිෂන් සභා සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන පෙරේරා මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සහතිකලත් වංචා විමර්ෂකයින්ගේ සංගමයේ සාමාජිකයෙකුද වන ඔහු අභ්‍යන්තර විගණන නිලධාරීන්ගේ සංගමයේද සාමාජිකත්වය දරයි. ඔහු දේශීය මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදී වංචාවන්ට එරෙහිව ක්‍රියා කරන අන්දම හා ඉහළ නිලධාරීන්ගේ වංචා ආදිය පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම්ද කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ නව උප සභාපතිවරයා ලෙස මනිල් ජයසිංහ මහතා පත් කිරීමද සිදුවිය. ඔහු ශ්‍රී ලංකාවේ අර්න්ස්ට් යං සමාගමේ Assurance /ජ්‍යෙෂ්ඨ හවුල් කරු ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සම සාමාජිකයෙකු සේම ලන්ඩනයේ වරලත් පොදු මූල්‍ය සහ ගිණුම්කරණ ආයතනයේ (CPFA) සාමාජිකයෙකුද වන ජයසිංහ මහතා 2014 සිට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ උපදේශන මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ අතර ආයතනයේ විගණන මණ්ඩලයේ සහ මෙහෙයුම් සමාලෝචන කමිටුවේ විකල්ප සභාපතිවරයා ලෙස දැරූ භූමිකාවට අමතරව ව්‍යවස්ථානුකූල ගිණුම්කරණ ප්‍රමිති කමිටුවේ සහ විභාග කමිටුවේද ප්‍රධානත්වය දැරීය.

වර්තමානයේ ජයසිංහ මහතා ගණකාධිකාරී ජාත්‍යන්තර සම්මේලනයේ (IFAC) ජාත්‍යන්තර ගිණුම්කරණ අධ්‍යාපන ප්‍රමිති මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස මෙන්ම ලැයිස්තුගත සමාගම්වල විගණන කමිටුවල ද සේවය කරනු ලබයි. ඔහු (CIMA) ශ්‍රී ලංකා අධ්‍යක්ෂ මණ්ඩලයේ ආදී සාමාජිකයෙකු ද වේ.

CAPTIONS:

Outgoing President Mr. Lasantha Wickremasinghe formally inducts Mr. Jagath Perera as the 24th President of CA Sri Lanka in the presence of Hon. Prime Minister Ranil Wickremesinghe and the institute's Vice President Mr. Manil Jayesinghe.

Mr. Jagath Perera delivering his speech.

Hon. Prime Minister Ranil Wickremesinghe addressing the gathering.

CA Sri Lanka President Mr. Jagath Perera hands over an album to outgoing President Mr. Lasantha Wickremasinghe which contains the immediate past president's activities and initiatives for 2016/2017.

A section of the gathering at yesterday's induction ceremony.