Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය තම රාජ්‍ය අංශ ඒකකය සමග එක්ව කුසලතා පදනම මත මූලික වශයෙන් APFAL සාමාජිකයන් සඳහා CPFA සුදුසුකම ප්‍රදානය කරයි

තම ගිණුම් ක්ෂේත්‍රය තුළ ප්‍රගමනයක් ඇති කරගැනීම සඳහා උනන්දුවක් දක්වන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයින්ට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය වන ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය (APFASL) ප්‍රදානය කරනු ලබන වරලත් රාජ්‍ය මූල්‍ය ගිණුම්කරණ (CPFA) සුදුසුකම සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

මෙරට රාජ්‍ය අංශයේ ගණකාධිකාරීවරු, විගණක නිලධාරීන් තක්සේරුකරුවන් ආදී වෘත්තිකයන්ගේ ප්‍රමිතිය නංවාලීමට සහ ඔවුන්ගේ වෘත්තීය මට්ටම උසස් තලයකට ගෙන ඒම සඳහා ගනු ලබන මූලික පියවරක් වශයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය CPFA සුදුසුකමේ මූලික සාමාජිකත්වය තම රාජ්‍ය අංශ ඒකකයේ 100 දෙනෙකු වෙත ප්‍රදානය කරනු ඇත. මෙම ප්‍රදානය කරනු ලබන්නේ ඔවුන්ගේ රාජ්‍ය අංශයේ දිගුකාලීන සේවය ඇගයීමට ලක් කිරීම සනිටුහන් කරමින් APFASL සාමාජිකයන්ගේ වෘත්තීය තරාතිරම නංවාලීම සඳහා ගනු ලබන මූලික පියවරක් වශයෙනි.

මේ අනුව රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ තලයේ වසර 10ක සතුටුදායක සේවා කාලයක් සපුරන ලද සහ මූල්‍ය කළමනාකරණයට අදාල පශ්චාත් උපාධි සුදුසුකමක් හෝ පිළිගත් විශ්ව විද්‍යාලයකින් ලබාගත් මූල්‍ය කළමනාකරණයට අදාල MBA සුදුසුකමක් හෝ ඒ හා සමාන උසස් සුදුසුකමක් සහිත සාමාජිකයින්ගෙන් අයදුම් පත් කැඳවනු ලැබේ.

මෙම මූලික සාමාජිකත්ව ප්‍රදානයෙන් ඵල ලබා ගැනීමට කැමැත්තක් දක්වන අය තම අයදුම්පත් 2016 ඔක්තෝබර් 31 වන දිනට පෙර තම ආයතන ප්‍රධානීන් හරහා ලියාපදිංචි තැපෑලෙන් ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය ගණකාධිකාරීවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ රාජ්‍ය අංශ ඒකකය, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය, අංක 30 A, මලලසේකර මාවත, කොළඹ 7. යන ලිපිනයට එවිය යුතුය.

එසේම අයදුම් පත් APFASL කාර්යාලයට පැමිණ පුද්ගලිකව බාර දීමටද හැකියාව තිබේ. මෙම අයදුම්පත් www.casrilanka.com වෙබ් ඔස්සේ බාගත කරගත හැක.

තම රාජ්‍ය අංශ ඒකය (APFASL) සහ රාජ්‍ය මූල්‍ය පිළිබඳ ලොව එකම වෘත්තිය ව්‍යුහය වන ලන්ඩනයේ වරලත් රාජ්‍ය මූල්‍ය සහ ගිණුම්කරණ ආයතනය සමග එක්ව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගිණුම්කරණ සහ මූල්‍ය වෘත්තිකයින් සඳහා CPFA සුදුසුකම හඳුන්වා දෙනු ලැබීය. මෙම CPFA සුදුසුකම රාජ්‍ය අංශයේ ගණකාධිකාරීවරු විගණක නිලධාරින් සහ තක්සේරුකරුවන් ආදී වෘත්තිකයින්ගේ වෘත්තිය තලයන්හි සීමාවන් ව්‍යාප්ත කිරීම සඳහා උපකාරී වන අතර වෘත්තිය ලොව තුළ ඔවුන්ගේ රඳා පැවැත්ම ශක්තිමත් කිරීම සඳහාද විශාල වශයෙන් දායක වනු ඇත.