Tamil (Sri Lanka)English (United Kingdom)

casrilanka

    Font size
  • Increase font size
  • Decrease font size

තරඟා වලියෙන් ප්‍රථමස්ථානය හිමිකරගත් තක්ෂිලා ශිෂ්‍යාවට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකර ආයතනයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක්

ඞී එස් සේනානායක විද්‍යාලයීය වාණිජ සංගමය විසින් දීපව්‍යාප්තව පාසල් මට්ටමින් පවත්වන ලද හොඳම ව්‍යපාරික සැලැස්ම සඳහා වූ තරඟාවලියේ සහතික පත‍්‍ර ප‍්‍රදානය පසුගිය 12 වෙනි දින බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලවේදී පවත්වන ලදි. මෙම වැඩසටහනේ ප‍්‍රදාන ආරාධිත අමුත්තා  ලෙස අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහභාගී වු අතර මෙම තරඟාවලියෙන් ප‍්‍රථම ස්ථානය දිනාගත් එල් ඒ අයි තක්ෂිලා ශිෂ්‍යාවට ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පූර්ණ ශිෂ්‍යත්වයක් වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත් මහතා විසින් පිරිනමන ලදි.

වර්තමාන ව්‍යාපාරික ලෝකය තුල පවතින දැඩි තරඟකාරිත්වය, වේගයෙන් නව්‍යකරණය වන තාක්ෂනික දැනුම මෙන්ම ව්‍යාපාරික පරිසරය තුල වේගයෙන් වෙනස්වන දේසපාලනික, ආර්ථික, සමාජීය, තාක්ෂණික, පාරිසරික හා නෛතික සාදක තරඟ කාරී ලෙස හසුරවාගනිමින් සාර්ථක ව්‍යවසායකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් ඞී එස් සේනානායක විද්‍යාලයීය වාණිජ සංගමය විසින් මෙම ව්‍යාපෘති පාසල් මට්ටමින් දීප ව්‍යාප්තව පවත්වන ලදි.

සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාර මෙරටේ තිරසාර ආර්ථික සංවර්ධනය උදෙසා සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර ව්‍යාපාරයන්ගෙන් 80% ක් සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාර වන බවත් රටේ දළ ජාතික නිෂ්පාදිතයට 50% කට අධික දායක්වයක් ලබා දෙන අතර රටේ මුළු රැකියා ප‍්‍රමාණයෙන් 35% ක දායක්ත්වයක් මෙම සුළු හා මධ්‍යපරිමාන ව්‍යාපාර මගින් සපයන බැවින් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ අරමුණින් පවත් වන ලද මෙම ව්‍යාපෘතිය කාලීන අවශ්‍යතාවක් ලෙස මෙම අවස්ථාවට සහභාගී වු ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සභාපති අර්ජුන හේරත් මහතා විසින් අවධාරණය කරන ලදි.