Tamil (Sri Lanka)English (United Kingdom)

CA Sri Lanka

    Font size
  • Increase font size
  • Decrease font size

විෂය නිදහස් කිරීම් සම්බන්ධව නිතර අසන ප්‍රශ්න

සාමාන්‍ය

ඔබ අවශ්‍යය ඇතැම් සුදුසුකම් සපුරා ඇත්නම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය මගින් පවත්වනු ලබන සියලූම විභාගයන් සඳහා පෙනී සිටීමට අවශ්‍යය නොවේ. මේවා විෂය නිදහස් කිරීම් ලෙස හඳුන්වනු ලැබේ. ඔබට ඔබගේ අධ්‍යයන කටයුතු නියමිත දැනුම් සහ කුසලතා ඒකකයේ දී ආරම්භ කළ හැකිය යන්න මෙමගින් අදහස් වේ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සාමාජිකතත්වය ලබා ගැනීම සඳහා විවිධ මාර්ග පවතින අතර බොහෝ සිසු සිසුවියන් විසින් පෙරදී ලබාගත් දැනුම සහ සුදුසුකම් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ විභාග හා සමාන විය හැකිය. එවැනි අවස්තා වලදී ඔවුන්ගේ ඇතුළත් වීමේදී සලකා බැලෙන කරුණු හා පෙර සුදුසුකම් මගින් ලබාගත් අදාළ දැනුම සහ කුසළතාවය ගැලපේ දැයි පරීක්‍ෂාකර බලයි. එමගින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සාමාජිකතත්වය ලබා ගතහැකි කෙටිම සහ පහසුම මාර්ගය තෝරාගත හැකිය.

සිසුන්ගේ සුදුසුකම් පදනම් කර ගනිමින් විෂය නිදහස් කිරීම් ලබා ගත හැකිය. මේ සම්බන්ධ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමේ අංශය වෙත පිවිසෙන්න.

ඔබ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ශිෂ්‍යයෙකු වශයෙන් ලියාපදිංචි වන අවස්ථාවේදී ම ඔබ ලබා ගත් අතිරේක සුදුසුකම් සඳහා විෂය නිදහස් කර ගැනීමට හැකියාවක් තිබේ දැයි, විමසීම ඉතා වැදගත් වේ. තව ද ඔබගේ ලියාපදිංචියෙන් පසුව වෙනත් පිළිගත් අධ්‍යාපනික හෝ වෘත්තිමය සුදුසුකමක් සපුරයි ද, එයට අදාළ විෂය නිදහස් කිරීම් සඳහා ඕනෑ ම අවස්ථාවක දී ඉල්ලුම් කළ හැකිය.

තමාගේ සුදුසුකම්වලට අදාළ නීත්‍යානුකූල මුල් පිටපත් සහ අධ්‍යාපනික/වෘත්තීමය සුදුසුකම් පිටපත්වල සහතික කරන ලද පිටපත් , ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ලියාපදිංචි කිරීමේ අංශයෙන් විෂය නිදහස් කිරීම සම්බන්ධයෙන් වන ඉල්ලීමක්ද සමඟ ප්‍රදානය කළයුතු වේ.

සුදුසුකම් විෂය නිදහස් කිරීමේ ගාස්තුව
(රු.)
Completed CIMA රු. 60,000.00
Completed ACCA රු.  60,000.00
CPA Australia රු.  75,000.00
Executive Level per subject රු.  1,800.00
Business Level per subject රු.  3,200.00
Corporate Level per subject රු. 4,700.00

විෂය නිදහස් කිරීමට සුදුසුකම් ඇති සිසුන් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමේ අංශය හා සම්බන්ධ විය යුතුය. ශිෂ්‍ය ලියාපදිංචි අංශය,  2352000 (දිගුව: 1104 හෝ 1100)

  • ඔබ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ පිටපත් තුනකින් සමන්විත බැංකු තැන්පතු පත්‍රිකාව (බැංකු පිටපතල ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ පිටපත සහ ශිෂ්‍ය පිටපත) භාවිත කරමින් විෂය නිදහස් කිරීම්වලට අදාළ ගෙවීම් කටයුතු සිදු කළ යුතුය.

  • ඕනෑ ම ලංකා බැංකු ශාඛාවකින් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ගිණුමට බැර වන සේ අදාළ මුදල් ගෙවීම් සිදු කළ යුතුය. මෙහිදී අදාළ බැංකු කේතය භාවිත කරන්න. (RE03).

  • ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ශිෂ්‍ය පිටපත ඔබගේ අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු අතර ඔබගේ වෘත්තීය සහ අධ්‍යාපනික සහතිකවල මුල් පිටපත් සහ ඒවාහි ඡායා පිටපත් මේ සමග භාර දිය යුතුවේ.

  • සම්පූර්ණ කරන ලද අයදුම්පත තමාගේ නම සහ ලිපිනය ලියූ රු. 15ක වටිනාකමකින් යුත් මුද්දරයක් සහිත ලියුම් කවරයක් සමග ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ශිෂ්‍ය ලියාපදිංචි කිරීමේ අංශයට භාරදිය යුතු වේ.

විෂය නිදහස් කර ගැනීමට අයදුම් කිරීම සඳහා කරුණාකර පහත සඳහන් දුරකතන අංක හෝ ඊ - මේල් ලිපිනයන් මාර්ගයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ලියාපදිංචි කිරීමේ අංශය අමතන්න.

දුරකතන: කාර්යාලීය : +94 (0) 11 2352000 (දිගුව: 1104 , 1101 හෝ 1100)
ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ

වැඩිදුර විෂය නිදහස් කර ගැනීම් සම්බන්ධව විමසීමට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ අධ්‍යාපනික අංශයේ කළමනාකාරතුමිය අමතන්න.

දුරකතන: කාර්යාලීය : +94 (0) 11 2352000
ෆැක්ස් : +94 (0) 11 2352060
ඊ-මේල් : මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
වෙබ් අඩවිය : http://www.casrilanka.com

විෂය නිදහස් කර ගැනීම් - 2015 විෂය නිර්දේශය (Knowledge Module)