Personal Pillar නැතහොත් ප්‍රායෝගික පුහුණුව, 2015 වර්ෂයේ සිට බලපැවැත්වෙන විෂයමාලාවේද ප්‍රධානතම අංගයක් වන අතර, knowledge සහ skills pillars තුලින් ලබාගන්නා සුවිශේෂි නිපුණතා (Unique competencies) පුහුණුව මගින්, ලබාගන්නා ප්‍රායෝගික අත්දැකීම් හරහා ඔපමට්ටම් කරගැනීමට හැකිවන අයුරින් වරලත් ගණකාධිකාරී ප්‍රායෝගික පුහුණුව/පාඨමාලාව ගොඩනගා ඇත.
ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව විෂයමාලාව අනුව යමින් ප්‍රායෝගික පුහුණු අවශ්‍යතාවයද වැඩිදියුණු කර ඇති අතර එහිදි අන්තර්ජාතික ගණකාධිකරණ අධ්‍යාපන ප්‍රමිතින්හි (International Accounting Education Standards) දක්වා ඇති අනාගත වෘත්තිය ගණකාධිකාරීන් සඳහා අවශ්‍යවන වෘත්තීය නිපුනතා (Professional Competencies) සහ ව්‍යාපාරික ආයතනයන්හි වරලත් ගණකාධිකාරිවරයෙකුගෙන් බලාපොරොත්තුවන වෘත්තීයමය හැකියාවන් සහ අවශ්‍යතාවයන් ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගෙන ඇත.
ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනය ප්‍රායෝගික පුහුණුව අධ්‍යන කටයුතු සමඟ සමගාමීව ලබාගැනීමට සිසුන් දිරිමත් කරනු ලබන්නේ වරලත් ගණකාධිකාරීවරයෙකු හට වෘත්තීය කුසලතා (Professional skills) දැනුම (Knowledge) ආකල්ප (Attitude) සහ චරියාවන් (Behaviour) වලින් සමන්විත වීම අත්‍යාවශය බැවිනි.
නිර්දේශිත පුහුණු කාලය සහ අදාල පුහුණු අදියර
අවම වශයෙන් වසරකට වැඩකරන දින 220ක් තිබිය යුතුය යන පදනමට යටත්ව, වසර තුනක පුහුණුවක් සිසුන් විසින් සම්පූර්ණ කළ යුතුය.
සම්පූර්ණ ප්‍රායෝගික පුහුණු කාලය අදියර තුනක් යටතේ සම්පූර්ණ කළ යුතුය.
- Executive Level (PE1)
- Business Level (PB1)
- Corporate Level (PC1)
වරලත් ගණකාධිකාරි පුහුණු පාඨමාලාව පූර්ණකාලීන (Full time) පුහුණුවක් ලෙස සම්පූර්ණ කළ යුතු අතර වෙනත් රැකියාවක් කරන අතර හෝ පූර්ණකාලීන අධ්‍යන පාඨමාලාවක් හදාරන අතරතුර අර්ධකාලීනව (Part time) පුහුණුව සම්පූර්ණ කිරීමට ඉඩදෙනු නොලැබේ. එමෙන්ම එම පුහුණුව ශ්‍රීලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අනුමත පුහුණු ආයතනයක, වරලත් ගණකාධිවරයෙකුගේ අධීක්ෂණය යටතේ පුහුණු ගිවිසුමක් සහිතව සම්පූර්ණ කල යුතුය. එසේ නොවන කිසිඳු පුහුණුවක් හෝ රැකියා අත්දැකීම් වරලත් ගණකාධිකාරී ආයතනයේ පුහුණු අවශ්‍යතාව සඳහා වලංගු නොවනු ඇත.
පහත දැක්වෙන ඕනෑම විකල්ප ආකාරයකට තනි ගිවිසුමක් යටතේ හෝ උපරිම ගිවිසුම් දෙකක් යටතේ සම්පූර්ණ පුහුණු කාලයවන අවුරුදු 3 සම්පූර්ණ කිරීමට සිසුන්ට ඉඩදෙනු ලැබේ.
|
පළමු ගිවිසුම | දෙවන ගිවිසුම |
පළමු විකල්ප |
PE1
|
වසර 1 |
PBI+PCI
|
වසර 2 |
දෙවන විකල්ප |
PEH PB
|
වසර 2 |
BCI
|
වසර 1 |
තෙවන විකල්ප |
PEI+PBI+PCI
|
වසර 3 |
|
|
ප්‍රායෝගික පුහුණුව ලබාදෙන අනුමත පුහුණු ආයතන
අනුමත පුහුණු ආයතන වර්ග දෙකකට බෙදනු ලැබේ.
විගණන ආයතන |
- |
වෘත්තියෙහි නිරත වන වරලත් ගණකාධිකාරීන්ගේ ව්‍යාපාරික ආයතන සහ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව |
විගණන නොවන |
- |
විගණන ආයතන ලෙස වර්ග කර නැති අනෙකුත් සියළු පුහුණු ආයතන |
දැනට ආයතනය හා සම්බන්ධවූ අනුමත පුහුණු ආයතන 600 පමණ ඇත.
Executive Level සහ Business & Corporate Levels සඳහා අනූමත පුහුණු ආයතන සඳහන් ලැයිස්තු වෙබ් අධවියෙහි සහ පුස්තකාලයෙහි පරිශීලනය සඳහා තබා ඇත.
අනුමත පුහුණු ආයතන සහ පුහුණු අවස්තා
අනුමත පුහුණු ආයතනයක සේවය කිරීමෙන් නියමිත ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කළ යුතුය. අනුමත කළ සියළු පුහුණු ආයතන වෙබ් අඩවියෙහි දක්වා ඇත.
පුහුණු අවස්ථා ලබාගැනීම සඳහා එම ආයතනවලට සෘජුවම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ශිෂ්‍ය ශිෂ්‍යාවනට හැකිය. වරලත් ගණකාධිකාරී ආයතනයේ වෙබ් අඩවිය හරහා ද පුහුණුව සඳහා අයදුම් කළ හැකිය.
පුහුණු වැඩසටහන (Rotation form) බාගත කරන්න
නිතර අසන ප්‍රශ්න
ප්‍රායෝගික පුහුණුව හා සංවර්ධනය - Personal Pillar
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වරලත් ගණකාධිකාරීවරයෙක් වීම සඳහා ප්‍රායෝගික පුහුණුව සහ සංවර්ධනය වැදගත් අංගයක් ලෙස 2015 විෂය මාලාවට ඇතුලත් කර ඇත.
එම නිසා, ශිෂ්‍යයින් වරලත් ගණකාධිකාරි ආයතනයෙන් පිරිනමන සහතික පත්‍ර සඳහා සුදුසුකම් ලැබීමට නියමිත පුහුණු අවශ්‍යතා හා අදාල විභාගයන් සම්පූර්ණ කිරීම අවශ්‍ය වේ.
ආයතනය පිරිනමන සහතික මෙසේය. සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරි (CBA), සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරි (CSBA), ආශ්‍රිත සාමාජිකත්වය (ACA), වෘත්තියේ නියලීමේ සහතිකය (Certificate to Practice)
අධ්‍යයන කටයුතු සමග ප්‍රායෝගික පුහුණුව එකවර ලබමින්, ප්‍රායෝගික පුහුණුවෙන් ලබන වෘත්තීය කුසලතා අධ්‍යයන කටයුතු සඳහා උපයෝගී කර ගැනීමටද, අධ්‍යයන කටයුතුවලින් ලබන දැනුම ප්‍රායෝගික පුහුණුවට උපයෝගී කර ගැනීමටද, අවස්ථාව ලබා ගන්නා ලෙස ශිෂ්‍යයින්හට අනුබල දෙනු ලැබේ.
ශිෂ්‍යයින් තම ශිෂ්‍ය ලියාපදිංචිය සම්පූර්ණ කල විගස ප්‍රායෝගික පුහුණුව ආරම්භ කල හැකිය. විභාග වල මූලික අවධියේම ප්‍රායෝගික පුහුණුව ආරම්භ කිරීමට ශිෂ්‍යයින් දිරිමත් කරනු ලැබේ.
මුළු ප්‍රායෝගික පුහුණු කාලසීමාව අදියර තුනකට බෙදා වෙන්කර ඇත:
- Executive Level (PE1)
මෙම අදියර සම්පූර්ණ කරන අභ්‍යාස ලාභීන් වටිනාකම් හඳුනාගැනීම හා ඒ හා සම්බන්ධව කටයුතු කිරීම හරහා අගය පාදක හැසිරීමක් (Value based behavior) සඳහා කැපවිය යුතුවේ.
- Business Level (PB1)
මෙම අදියර සපුරාලන අභ්‍යාස ලාභීන් තමන්ට මුහුණ දීමට සිදුවිය හැකි ගැටළු හා ආචාරධර්ම වලට අනුකූල ලෙස විසඳීමට සමත් වටිනාකම් අගයන වෘත්තිකයකු වීම සඳහා පුහුණු කරනු ඇත.
- Corporate level (PC1)
මෙම අදියර සපුරාලන අභ්‍යාස ලාභීන් සමාජ වගකීමෙන් යුත් කාර්ය සාධනයේදී උපරීම මට්ටමින් අගයන් ප්‍රදර්ශනය කරන්නන් බවට පත්කිරීමට පුහුණු කරනු ඇත.
අභ්‍යාස ලාභීන් අවුරුදු තුනක ප්‍රායෝගික පුහුණු කාලසීමාව වැඩකරන දවස් 220 ක (වසරකට) අවම ප්‍රායෝගික පුහුණු කාලසීමාවකට යටත්ව සම්පූර්ණ කල යුතුය.
අවම පුහුණු අවශ්‍යතාව අවුරුදු සහ වැඩකරන දින වලින්:
පුහුණු අදියර
| අවම පුහුණු අවශ්‍යතාව
| Business & Corporate Level |
Business Level | Corporate Level |
අවුරුදු වලින්
|
අවුරුදු 1
|
අවුරුදු 1
|
අවුරුදු 1
|
වැඩකරන දින වලින් |
දින 220
|
දින 220
|
දින 220
|
වැඩකරන දිනයක් යනු අවම වශයෙන් වැඩ කරන පැය 7ක් හෝ උපරිම වශයෙන් වැඩ කරන පැය 8ක් විය යුතුවේ. දින භාගයක් ගනන් ගනු ලබන්නේ අනුපාතික පදනම මතය. අර්ධකාලීන පදනම (Part time) මත වූ පැවරුම් වලට අදාලව වැඩකරන පැය ගනන් වැඩ කරන දින ලෙස ගනන් ගනු නොලැබේ.
සති අන්තවලදී වැඩ කිරීම
සති අන්තවලදී කරනු ලබන වැඩ වර්ෂයකට උපරිම වශයෙන් දින 10 ක් දක්වා පුහුණු දින ලෙස සලකනු ලැබේ.
විභාගය
| සම්පූර්ණ කලයුතු පුහුණු අදියර සහ කාලසීමාව
|
Executive |
පුහුණු අවශ්‍යතාවයක් නොමැත.
|
Business
|
පුහුණු අවශ්‍යතාවයක් නොමැත.
|
Corporate |
සහතික ලත් ව්‍යාපාර ගණකාධිකාරී (CBA) සහතික පත්‍රයට සුදුසුකම් ලැබීමෙන් පසු Business Level ප්‍රායෝගික පුහුණුව සම්පූර්ණ කල යුතුය. (වැඩ කරන දින 220)
|
* වැදගත්: CIMA / ACCA සාමාජිකයන් සහ අනුමත විශ්වවිද්‍යාලවල ගණකාධිකරණය හෝ මූල්‍ය විෂය බද්ධ පූර්ණ කාලීන ආචාර්යවරුන්ට පුහුණු අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමෙන් තොරව විභාගය සඳහා පෙනීසිටීමට අවසර ලැබේ.
අදාල විභාග සහ ප්‍රායෝගික පුහුණුව සමත් කරන සියළුම ශිෂ්‍යයින්හට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයෙන් නිකුත් කරන පහත සඳහන් සහතික පත්‍ර වලට අයදුම් කළ හැකිය.
- සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරිවරයෙකු සඳහා (CBA)
Executive Level පුහුණු අදියර, විභාග සහ අනෙකුත් කුසලතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව සහතිකලත් ව්‍යාපාර ගණකාධිකාරි සුදුසුකම සඳහා ඉල්ලුම් කිරීමට ශිෂ්‍යයින්හට හැකියාව ලැබේ.
- සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරීවරයෙකු සදහා (CSBA)
Business Level පුහුණු අදියර, විභාග සහ අනෙකුත් කුසලතා සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, සහතිකලත් ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර ගණකාධිකාරී සුදුසුකම සඳහා ඉල්ලුම් කිරීමට ශිෂ්‍යයින්හට හැකියාව ලැබේ.
- ආශ්‍රිත සමාජිකත්වය (Associate Accountant) සඳහා,
පහත දැක්වෙන විෂය නිර්ණායකයන් සාර්ථකව නිම කරන ශිෂ්‍යයින්හට ආශ්‍රිත සාමාජිකත්වය අනුයුක්ත කිරිම සදහා ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබෙනු ඇත.
- ආයතනයේ සියළුම විභාග
- පුහුණු ආයතනයේ අධික්ෂණ සමාජිකයගේ සහතික කළ Executive සහ Business & Corporate අදියර වල පුහුණුව.
- කුසලතා මොඩියුලයන්
- වෘත්තීමය අචාරධර්ම සහ ආකල්ප මොඩියුලය
- ප්‍රායෝගික පුහුණුව සම්බන්ධ සම්මුඛ පරික්ෂනය (Viva voice Interview)
* ඉහත සහතික පත්‍ර නිකුත් කරනු ආයතනයේ ලබන්නේ ආයතනයේ ලබන්නේ පාලක මන්ඩලයේ අනුමැතිය මතය.
Intermediate/CAB/CBA සහතික පත්‍රය අයදුම් පත බාගත කරන්න
DAB/CSBA අයදුම් පත බාගත කරන්න. (ව්‍යාපාර සහ ගණකාධිකරණ ඩිප්ලෝමාව)
ආශ්‍රිත සාමාජිකත්වයට පෙර පවත්වන සම්මුඛ පරීක්ෂණය Viva voice සඳහා අයදුම්පත බාගත කරන්න
ආයතනයේ වෙබ් අඩවිය www.casrilanka.com (ප්‍රායෝගික පුහුණුව සඳහා වෙන්වුනු ශිෂ්‍ය පිටුව) හරහා අනුමත විගණන අංශයේ සහ විගණන නොවන අංශයේ පුහුණු විමේ ආයතන ලබාගත හැක.
වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි ශිෂ්‍යයන් තමන්ගේ ප්‍රායෝගික පුහුණුව සඳහා, වරලත් ගණකාධිකරණ ආයතනයෙන් අනුමත කරන ලද, විගණන අංශයේ හෝ විගණන නොවන අංශයේ ආයතනයක් සඳහා ආයතන පහත පරිදි වරලත් ගණකාධිකරණ ආයතනයේ වෙබ් අඩවියෙන් අයදුම් කළ හැකිය.;
CA web > Student login > Training Placement System > Register your profile
මෙලෙස අයදුම් කරන ශිෂ්‍යයන්ගේ අදාල තොරතුරු, සාමාජිකයන්ගේ පරිශීලනය සඳහා ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ වෙබ් අඩවියේ තැන්පත් වේ. පුරප්පාඩු ඇති වු විට එම ශිෂ්‍යයන් සම්මුඛ පරික්ෂණයන් සඳහා කැඳවනු ලැබේ.
තවද ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ වෙබ් අඩවියේ පළකරන ලද දැන්වීම් මගින් හෝ ඝෘජුවම අදාල ආයතනයට අයදුම් කිරීමටත් පහසුකම් සලසා ඇත.
පවතින පුරප්පාඩු සඳහා ශ්‍රි ලංකා ව.ග. ආයතනයේ වෙබ් අඩවිය හරහා පහත පරිදි ශිෂ්‍ය පිටුවේ “Apply jobs” හරහා ඝෘජුවම අයදුම් කළ හැකිය.
CA web > Student login > Student > Training > Job opportunities.
ඔබ විසින් පුහුණුව ආරම්භ කිරීමෙන් පසු ඔබ, අධීක්ෂණ සාමාජික (Supervising Member) සහ පුහුණු ආයතනය සමග පුහුණු ගිවිසුමකට (Training Agreement) එළඹිය යුතු අතර එම ගිවිසුම වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි කළ යුතුය. වලංගු ගිවිසුමකින් තොරව ලබන පුහුණුව වරලත් ගණකාධිකාරී ආයතනය නියම කරන ප්‍රායෝගික පුහුණු අවශ්‍යතා යටතේ පිළිගැනීමට පාත්‍ර නොවනු ඇත.
ශිෂ්‍යයෙක් අනුමත පුහුණු ආයතනයක් හා සම්බන්ධ වු විගස එම ආයතනයේ අධීක්ෂණ සාමාජිකයා විසින් ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රායෝගික පුහුණු ගිවිසුමක් ලිඛිතව ඉල්ලුම් කළ යුතුය.
විගණන අංශයේ ආයතනයක් නම්, (Audit Firm): ආයතනයේ ලිපි ශිර්ෂයක ලියු ලිපියක් මගින් ප්‍රායෝගික පුහුණු ගිවිසුම් පත් ලිඛිතව ඉල්ලුම් කල යුතුය.
විගණන නොවන අංශයේ ආයතනයක් නම් (Non - Audit Sector): විගණන නොවන (Non Public Practice) ආයතන විසින් සමාගමේ ලිපි ශීර්ෂය සහිත ලිපියක් මගින් ගිවිසුම් පිටපත් ඉල්ලා සිටිය යුතු අතර ඒ සමගම පුහුණු සැලැස්මද, පුහුණුව ලබාදෙන අංශ ඇතුලත් ආකෘතියද (rotation) එවිය යුතුය.
පුහුණු වැඩසටහන (Rotation form) බාගත කරන්න
සියළුම මූලික අවශ්‍යතා සම්පුර්ණ වී ඇති විට ශ්‍රි ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ ප්‍රායෝගික පුහුණු අංශය මගින්, ගිවිසුම්පත් පිටපත් 3 ක් අදාල පුහුණු ආයතන වෙත යවනු ලැබේ. ඉන් පසු නියමිත ආකාරයට සම්පුර්ණ කළ එම පුහුණු ගිවිසුම් පිටපත් 3ක් සහ ගිවිසුම් ගාස්තු වෙනුවෙන් මුදල් ගෙවු ලදු පත් ද සමග ආයතනයේ පුහුණු අංශය වෙත වලංගු පුහුණු ගිවිසුමක් ලෙස ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කළ යුතුය.
- ශිෂ්‍යයාගේ සම්පුර්ණ නම සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි අංකය
- යෝජිත අධීක්ෂණ සාමාජිකයාගේ නම, අදාල ආයතනයේ දරණ තනතුර සහ සාමාජික අංකය
- පුහුණුව අවශ්‍ය මට්ටම සහ ආරම්භ කරන දිනය
- පුහුණු ආයතනයේ නම සහ පුහුණුව ලබන ආයතනය කුමන අංශයක්ද යන වග
- අධීක්ෂණ සාමාජිකයාගේ සහ පුහුණුවන්නාගේ සම්බන්ධතාවයක් ගොඩනැගීමට අවශ්‍ය විස්තර (contact details)
- පුහුණුවෙන් නිදහස් කිරීමට සනාථ කරන සාක්ෂි (අදාල නම් පම